
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීම මුදල් අච්චු ගසා ලබා නොදුන්නොත් රටේම තෙල් නැති වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (7) පැවැසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් මුදලක් ඉල්ලා ඇති බවත් භාණ්ඩාගාරයට එලෙස මුදල් ලබාගැනීමට නොහැකි වීම නිසා එම මුදල් ලබාදීමට සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට බවත් අධිපතිවරයා කීවේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (7) පැවැති මාධ්‍ය හමුවේදී අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම කරුණු සඳහන් කළේ ය.
එහිදි අදහස් දැක්වූ මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.
“මේ වෙද්දි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා තිබෙනවා. ඔවුන් මේ මුදල් ඉල්ලන්නේ ඩොලර් මිලිදී ගන්නා. මේක භාණ්ඩාගාරයේ කෑෂ් ෆ්ලෝ එකේ තිබුණු එකක් නෙමෙයි. එතකොට කොහෙන්ද භාණ්ඩාගාරය එක්පාරට බිලියන 200ක් දෙන්නේ.
භාණ්ඩාගාරයට දෙන්න විදියක් නැති නිසා භාණ්ඩාගාරය මහ බැංකුවෙන් ඉල්ලනවා. මුදල් අච්චු ගහන්න කියලා ඉල්ලනවා.
උදාහරණයක් විදියට ගිය සතියේ ඔය වගේම තෙල්වලට බිලියන 18.5ක් ඉල්ලලා තිබ්බා. ඒ බිලියන 18 දෙන්න මුදල් මණ්ඩලය තීරණය කළා. ඒක නොදුන්නා නෞකාවකට ගෙවන්න මුදල් නැති වෙනවා. ඒක ඊට වැඩිය බරපතළ ප්‍රශ්නයක් වෙනවා. ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා ගිය සතියෙත් බිලියන 18.5ක් දුන්නා.
ඉදිරියට එකත් ඉල්ලීම් අනුව මුදල් මණ්ඩලය සලකා බලයි.
2020/21 කාලයේ දී මුදල් අච්චු ගහලා තියෙන්නේ විදේශ විනිමය ණය ගෙවීමට. මහ බැංකුවෙන් විශාල වශයෙන් මුදල් අච්චු ගැහුවා ඒ සඳහා. රජයේ විදේශ ණය ගෙවීමට තමයි මුදල් අච්චු ගහලා තියෙන්නේ. ඒ වෙලාවේ ප්‍රතිපත්තිය විදේශ ණය ගෙවීම. අප්‍රේල් වෙනකං ඒක තිබ්බා. ඒ වෙලාවෙත් ආණ්ඩුව සතුව රුපියල් තිබ්බෙත් නෑ, ඩොලර් තිබ්බෙත් නෑ. ඩොලර් ගන්න රුපියල් තිබ්බෙත් නෑ.
මහ බැංකුවෙම අච්චු ගහලා ඒ රුපියල්වලින් ඩොලර් මිලදී ගෙන ඒක ආපහු මහ බැංකුවට දීලා අපේ තියෙන ඩොලර් ටික අරගෙන තමයි අප්‍රේල් වෙද්දි ඒ විදේශ ණය ගෙව්වේ.
ඒත් දැන් තියෙන තත්ත්වය එක්ක අපි මුදල් අච්චු ගහන්නේ අවශ්‍යතාව අනුව. අපි ඒක කරන්නෙත් ඒ කාලයේ වගේ අඩු පොලී අනුපාතික එක්ක නෙමෙයි. ගිය සතියෙත් ඉල්ලුවාම බිලියන 18ක් දුන්නා අපි. දැන් ආයේ බිලියන 217ක් ඉල්ලලා තියෙනවා.
ඒක දෙනවද නැද්ද කියලා තීරණය කරන්න අවශ්‍ය යි. දෙනවා නම් මෙන්න මේ හේතුව නිසා දෙනවා කියලා අපි කියනවා. නොදෙනවා නම් මෙන්න මේ හේතුව නිසා නොදෙනවා කියලා කියනවා. එහෙම නැති වුණොත් රටේ තෙල් නැති වෙන්නත් පුළුවන්.
ඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි යි. මහ බැංකුව කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. පොලී අනුපාතය වැඩි කරලා උද්ධමනය පාලනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අච්චුගහල සල්ලි දන්නත් අපට කොහොමත් තෙල් නැහ , දේශපලන අනුග්‍රහය ලබන චන්ඩි , පොලිසිය සහ වෙනත් ජාවාරම් කරයො තෙල් ටික බලෙන් අරන් ්ලය 1500 බගින් විකුනනව,
අපි තෙල් ගහලා තියෙන්නේ නිකං ද එතකොට . මේවට තමයි ඇඩෙන්න හලෝ.
කට, කට ආයෙත් අර්ජුන මචන්ව ගේනවලු කෑගැහුවොත්...
කෝ බන් අපි පෙට්‍රල් ඩිසල් වලට ගෙවන සල්ලි. දැන් පාඩුවට නෙවෙයි නේ ඒවා විකුනන්නේ. රුපියල් 200 ට වැඩිය ලාබ තියාගෙන නේ. ඒවාට මොනාද වෙන්නේ කියල හොයපල්ලා . නිකම්ම සල්ලි අච්චු ගහලා දෙන්නේ නැතුව. ඕකට උබ ඕනේ නැහැ නේ. පොඩි ළමයෙක්ට දීපන් ඔය තනතුර. අනික කෝ හොරකම් මුදල් නැවත ගන්න වැඩ පිළිවෙලක් . මොක්කුද බන් මේ තනතුරු වල වැඩ කරන්නේ
නන්දලාල් ආර්ථිකය ඝාතනය කරමින් ඉන්නෙ. ඔහු හඳුන්වාදුන් කිසිම ප්‍රතිසංස්කරණයක් කෝ වැඩපිළිවෙළක් සාර්ථක වුනේ නෑ. සියලු දේම හොට හකුලා ගන්න සිදුවුණා. දැන් රුපියල් අච්චු ගහන්න යනවා. ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවෙකු වන මොහු උද්ධමනය වැඩි වී ආර්ථිකය කඩා වැටුණු හැටියෙම ඹස්ට්‍රේලියාවට පයින් ඉඩ තියෙනවා. මේ අවස්ථාවේ කළ යුත්තේ රුපියල පා කිරිම හා පොඩි අනුපාතය වැඩි කිරීමයි. ඉන්ධන මිල හා භාණ්ඩ මිල දිහා බැලුවම ොලරය සත්‍යය වටිනාකම හිතාගන්න පුළුවන්. මොහු හදන්නේ විදේශ ශ්‍රමිකයන්ගේ හා අපනයන කරුවන් ගෙන් ඩොලර් කොල්ලකන්න.
නන්දලාල් මහත්තයෝ ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන දන්සැල් ක්‍රමයට දෙන්නෙ නැහැ කියලා අපිට හිතෙනවා.ඉන්ධන විකුණනවා නම් සල්ලි වලට මොකෑ වෙන්නෙ ඒක කියන්න සංස්ථාවට මහ බැංකුවේ සල්ලි ඉල්ලද්දී IOC ලාභ ලබන්නේ කොහොමද මෙයින් පේනවා කවුරු නමුත් විශාල වශයෙන් ගසාකෑමක් කරනවා කියලා ඒවාට භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නෙ මොකටද මෙහෙම වෙන්නෙ කොහොමද ඔබතුමා තවත් කියනවා විදේශ ණය ගෙවන්න තියෙනවා කියලා ඒ ගැනත් ඒවා ගත්තේ කවුද කවදාද, මොකටද ගත් ණයෙන් කලේ මොනවාද ඒයින් ලැබූ ප්‍රතිඵල මොනවාද ඒවාත් කියන්න
සිපෙට්කෝ සල්ලි ඉල්ලන්නේ මිලියන ගනන් පඩි ගෙවන්න ඕන නිසා නේද. ඔය කියන ආයතනයේ කම්කරුවත් මසකට ලක්ෂ ගණනක පඩි සහ අතිකාල දීමනා ගන්නව.අතිකාල නැතිව වැඩ කරන්නේ නෑ. හොයල බලන්න. අනික අතිරික්ත සේවක රැල.
මොවුන්ට මේ ගැටලුව විසදීමට තියෙන එකම විසදුම මුදල් අච්චු ගැසීම නම්, මේ රට 2026 නොවේ කිසි දිනක යථා තත්වයට ගෙන ඒමට නොහැකි වේවි. මොවුන් ගේ එකම අරමුණ තමන් ගේ ධුර කාලය මෙවන් අතිශය වැරදි විසදුම් මගින් ගෙවා දැමීම පමණි. මේ දක්වා රජයේ අදායම් වැඩි කර ගැනීමට, පාඩු ලබන ආයතන ගැන ගතයුතු දැඩි තීරණ තවම ගෙන නැත. ආචාර්ය මහාචාර්ය දැනුම අවශ්‍යද නොනවත්වා මුදල් අච්චු ගසා ගැටලුව තාවකාලිකව රජය පැත්තෙන් විසඳා ජනතාව සහ රට අතිශය බැරෑරුම් ආර්ථික අගාධයකට පත්කරන්න.
මෙවන් ආර්ථික වියසනයක් රටට අත්කරදුන් වැරදි ආර්ථික කළමනාකරණය කල දේශපාලන බලධාරීන්, රජයේ නිලධාරීන් ගැන අඩු වශයෙන් දඩුවමක් දීමට නීති ප්‍රතිපාදන නැද්ද? පෞද්ගලික ආයතනයක නිලධාරියෙක් වැරදි කළමනාකරණය නිසා ආයතනය පාඩු ලබන්නේ නම් අදාල නිලධාරියා රැකියාවෙන් ඉවත්කර වන්දි ගෙවා බොහෝ විට සිරබත් කෑමට පවා සිදුවේ. එසේනම් රටක් මෙවන් ප්‍රපාතයකට අද දමන දේශපාලන බලධාරීන්, රජයේ නිලධාරීන් කිසිදු දඩුවමක් නොවිදීම කොතෙක් සාධාරණ ද?
රට ආර්ථික වියසනයෙන් ගොඩ ගන්න තීරණ වෙනුවට මොවුන් ගන්නා පටු තීරණ මගින් අප රට ලෝකයේ දිළිදුම නුගත් ජාතියක් බවට පත් කරමින් සිටී. ඛනිජ තෙල් අර්බුධය පෙනී පෙනී කිසිදු ඉවක් බවක් නැතිව පෞද්ගලික වාහන වලට ඉන්ධන නිකුත් කලා. අවසානයේ පොදු ප්‍රවාහන පවත්වාගෙන යාමට ඉන්ධන නොමැති වූ විට පාසැල් වසා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කලා. මේ විනාස කරන්නේ රටේ අනාගතය නේද? ඇයි මේ හරක්ට මේ බව නොතේරෙන්නේ?