(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අත්‍යවශ්‍ය ඖෂධ 636න් ඖෂධ 185 ක් මේ වන විට ශ්‍රී ලංකාවේ නැතැයි සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සාමාන්‍ය සේලයින් පවා තිබෙන්නේ මාසයක තොගයක් පමණක් බවද මහජත සේනාරත්න මහතා කීය.
සාමාන්‍යයෙන් සේලයින් මාස තුනක තොගයක් තිබිය යුතු බව ද බවද සේනාරත්න මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් රාජිත සේනාරත්න මහතා මෙි බව කීය.
COMMENTS
ඇයි ඇමති වෙලා ඉන්න කාලේ වල කපලා කටුනායක තිබුන ෆැක්ටරියට අවසර දුනනේ නෑ නේද? ලංකාවේ මනුස්සයෙක් කෝටි 40 වියදන් කරලා ස්විට්සර්ලන්ඩ් වලින් මැෂින් ගෙනල්ලා බලාගෙන හිටියා අවසර දෙනකන්, දැන් බොරැවට කෑගහනවා, තමුසෙලා මේ රටට සාපයක් ,,,,=
සේලයින් වගේ සරළ දෙයක්වත් රට ඇතුලෙ හදාගන්න උත්සහක් අරමුණක් නෑ. රටින් ගේන එකම තමයි කතා කරන්නෙ. තම තමන්ට ලැබෙන කොමිස් වලට සේරම ඇබ්බැහි වෙලා
සේලයින් නැති උනාම ඔන්ලයින් දෙමු..!
පාර්ලිමේන්තු පඩියක් අරන් ඔහේ නැව් හිමියෙක් වුණේ කොහොමද කියන්න ඊට කළින්..? අනික ඔහේට කමක් නැහැ. ජනාධිපති අරමුදලෙන් කෝටි ගණන් අරන් සිංගප්පූරුවේ ගිහිල්ලා සේලයින් ගහගෙන පුළුවන් නේ...