
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම් සිටින බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම් යැයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියාවේ සෝචි නගරයේ පැවැති සමුළුවකදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් පළකර තිබෙන අදහස් වලට අඩුම වශයෙන් අවධානය හෝ යොමු කිරීම රුසියාවේ යුතුකම බවද ජනපති පුටින් එහිදී ප්‍රකාශ කර ඇත.
ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයට සුබ පැතීමටත් එහිදී ජනපති පුටින් අමතක කර නොමැති අතර ඝාතන උත්සාහයක් ක්‍රියාත්මක වන අවස්ථාවක ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම අගය කළ යුතු බවද ඔහු පවසා තිබිණි.
යුක්රේනයේ අනාගතය කෙබඳුවේ දැයි මත ඉදිරිපත් වීමෙන් තිබෙන මොහොතක යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකතන සංවාදයක් සිදුව ඇති බවත් එයට ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ද සම්බන්ධ වී ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. මෙම දුරකතන සංවාදය ඇමෙරිකානු ජනාධිපතිවරණයට පසුදින සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙලෙන්ස්කි ගොයියෝ ඔබ රුසියාව වැනි දැවැන්ත රටක් සමග යුද්දකරන්නේ අනුන්ගෙන් ඉල්ලාගත් යුද්දායුදවලින් . රුසියාව ඔබට බැට දෙන්නේ ඔවුන්විසින්ම නිෂ්පාදනය කරන යුද්දායුදවලින්. එමනිසා කවදාවත් ඔබට ඔය යුද්දය දිනන්න බැරිය. ට්‍රම්ප් මහතා ජනාධිපති වීම මට ලපයා ජනාධිපති වීමට වඩා සතුටුදායක දෙයක් උනා.
යුක්රේනය සහ රුසියාව අතර යුද්ධය අවසන්කළ හැකි නම් එය සමස්ථ ලොක වාසීන්ටම අස්වැසිල්ලක්. එසේම ඊශ්‍රායලය, ලෙබනනය, පලස්තීනය අතර යුද ගැටුම්ද වහා අවසන්කළ යුතුයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කරන්නේ, සියරට අමානුෂික අන්දමින් යටත් විජිතයක් කරගැනීමට, වසර තුනකට ආසන්න කාලයක් පුරා ජයගත නොහැකි, කාලකන්නි සතුටක් විඳිමින් යුද්ධ කරන ඒකාධිපති පුටින්ට එරෙහිව බව පැහැදිලිවම නොදන්නා අය තවම මෙලොව ඉන්නා බව පෙනෙනවා !! රුසියන් සොල්දාදුවන් පුටින් ගේ හමුදාව හැරයාමේ අනතුරු වලක්වා ගැනුමට අසල්වැසි උතුරු කොරියානු ඒකාධිපති කිම් ගෙ භටයන් ගෙන්වා ගෙන පුටින් යුද්ධය තවත් අනාගත්තේය.. අපේ රටේ නායකයින් මෙන්ම පුටින් වුණත් රුසියාවේ සම්පත් හොරකමක් කර සුඛෝපභෝගී නෞකා, දැවැන්ත මන්දිර අල්ලාගෙන, සැපවත් ජීවිතයක් භුක්ති විඳීමට අසල්වැසි රාජ්‍යයන් අල්ලාගෙන පැරැණි සෝවියට් සමූහාණ්ඩුව යළි පණගැන්වීම ඔහුගේ ඒකායන පරමාර්ථයයි. හිට්ලර්ගේ අවසානය පුටින්ටත් නුදුරේම ළගාවේදැයි කාලය විසින් තීරණය කරාවි !!!...