IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ යළිත් සවාරි තේමාවෙන්

සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ඊළඟ අදියර සඳහා බොහෝ දෙනකු ආදරය කරන ‘පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීම’ යන තේමාව නැවතත් එක්කර තිබේ. ඒ අනුව, එළඹෙන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනේ ත්‍යාග සඳහා සමාගම විසින් හෝටල්වල නිවාඩුවක් ගත කිරීම ඇතුළුව ජයග්‍රාහකයන්ට ත්‍යාග මාලාවක් ලබාදීමට තීරණය කර ඇත.  

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහණදීම නිසා ජනතාවට සිදුවී තිබෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් එම සමාගම සඳහන් කරන්නේ මේ වනවිටත් ලබාදෙන මුදල් ත්‍යාග සහ වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචරද ‘ෆැමිලි සවාරි 16’ වන වැඩසටහනේදී බොහෝ දෙනකුට ත්‍යාග ලෙස ලබාදෙන බවයි.  

මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 අගෝස්තු මාසය දක්වා දිනුම් වාර 05 ක් පවත්වන අතර එහිදී ජයග්‍රාහකයන් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 1,155 දෙනකු තෝරා ගැනීමට සමාගම තීරණය කර ඇත. මෙම සෑම දිනුම් ඇදීමකදීම රක්ෂණ ඔප්පු හිමි පවුල් තුනක සාමාජිකයන් ‘ප්‍රීමියර්’ කාණ්ඩයේ වර්ගීකරණයක් ලබා තිබෙන අති සුඛෝපභෝගී හෝටලයක ෆුල් බෝර්ඩ් පදනම යටතේ නිවාඩුවක් ගත කිරීමට තෝරා ගන්නා අතර තවත් රක්ෂණ ඔප්පු හිමි පවුල් තුනක සාමාජිකයන් ‘ඩිලක්ස්’ වර්ගීකරණයක් ලබා තිබෙන සුඛෝපභෝගී හෝටලයක ෆුල් බෝර්ඩ් පදනම යටතේ නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරාගනී. මීට අමතරව, මෙම සෑම දිනුම් ඇදීමකදීම තවත් රක්ෂණ ඔප්පුහිමියන් පස් දෙනකුට රුපියල් 100,000 ක් බැගින් වූ ත්‍යාග මුදල් ලබාදෙන අතර තවත් රක්ෂණ ඔප්පු හිමියන් 20 දෙනකුට රුපියල් 50,000 ක් බැගින් වූ ත්‍යාග ලබාදෙයි. එසේම, සෑම දිනුම් ඇදීමකදීම තවත් 50 දෙනෙකුට රුපියල් 25,000 ක් බැගින් වූ ත්‍යාග මුදල් ලබාදෙන බවත් තවත් රක්ෂණ ඔප්පු හිමියන් 150 දෙනෙකුට රුපියල් 10,000 ක වටිනාකමක් තිබෙන භාණ්ඩ මිලදීගැනීම සඳහා සුපිරි වෙළෙඳ සැල් වවුචර ලබාදීමට සමාගම තීරණය කර තිබේ.      

මේ අනුව, සමස්තයක් ලෙස ‘ෆැමිලි සවාරි 16’ වන වැඩසටහන මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම නිවාඩු පැකේජ 30 ක්, රුපියල් මිලියන 13.75 ක මුදල් ත්‍යාග, සහ රුපියල් මිලියන 7.5 ක සුපිරි වෙළෙඳසැල් වවුචර ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘වසර දෙකකට පසුව යළිත් ෆැමිලි සවාරි සඳහා සවාරි අත්දැකීම එක් කිරීමට ලැබීම ගැන අපි අතිශයින්ම සතුටු වෙනවා. මෙම ප්‍රවර්ධන වැඩසටහනින් අපි සෑමවිටම උත්සාහ කරන්නේ පවුලේ සාමාජිකයන් සමග නිදහසේ කාලය ගත කිරීමේ අවස්ථාව උදා කරන්නයි. පවතින ආර්ථික තත්ත්වය නිසා බොහෝ දෙනකුට ඒ ආකාරයෙන් කටයුතු කිරීම අපහසු බව අපි දන්නවා. පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව යළිත් ලබාදීම නිසා වර්තමානයේ තිබෙන ආතතිය යම් පමණකට හෝ මෙයින් පහව යනු ඇතැයි අපි විශ්වාස කරනවා.’

595



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ යළිත් සවාරි තේමාවෙන්

ඔබේ අදහස් එවන්න

දියත

අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 36 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 264 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1799 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 352 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1774 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1241 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site