
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘සිහින සිතුවම්’ ළමා චිත්‍ර තරඟය සහ රචනා තරඟය සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමිවෙමින් නිර්මාණ 70,000 ක් ලැබී තිබෙන බව සමාගම නිවේදනය කර ඇත.
මෙම සෑම චිත්‍රයක් සහ රචනාවක්ම ‘මගේ අනාගත බලාපොරොත්තුව’ යන තේමාවෙන් ‘සිහින සිතුවම්’ වෙබ් අඩවිය ඔස්සේ එවීමට හෝ සෙලින්කෝ ලයිෆ් ශාඛාවකට පැමිණ භාරදීමට අවස්ථාව ලබා දී තිබුණි. සමාගම සඳහන් කරන්නේ කොවිඩ් වසංගතය සහ පසුව පැමිණි ආර්ථික අර්බුදය හමුවේ මෙම දරුවන් වැඩි වශයෙන් නිවසටම වී සිටිය ද ඔවුන්ගේ නිර්මාණ සඳහා ඔවුන්ගේ මනරම් සිතුවිලි සහ බලාපොරොත්තු ආලෝකයක් වී තිබෙන බවයි.
මෙම චිත්‍ර සහ රචනා තරඟයට සහභාගී වූ සියලුම දරුවන්ට සෙලින්කෝ ලයිෆ් විසින් සහතික පත්‍රයක් ප්‍රදානය කළ අතර මේ වනවිට වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග්‍රාහකයන් 362 දෙනකු සමාගම විසින් තෝරා ගනිමින් සිටී. මෙම තරඟයේ සම්මාන ප්‍රදානය ළඟදීම පවත්වන බවත්, ජයග්‍රහණය කරන චිත්‍ර මහජන ප්‍රදර්ශනයට අවස්ථාව සලසමින් අන්තර්ජාලය ඔස්සේ එම චිත්‍ර ප්‍රදර්ශනය කරන බව ද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සෑම වයස් කාණ්ඩයකම ඒ ඒ භාෂා ආවරණය වන පරිදි පළමු ස්ථානය දිනාගන්නා දරුවන්ට එක් අයකුට රුපියල් 30,000 ක් බැගින් මුදල් ත්‍යාග සමාගම විසින් ලබාදෙන අතර දෙවන ස්ථානයට එක් අයකුට රුපියල් 20,000 ක් සහ තෙවන ස්ථානයට එක් අයකුට රුපියල් 10,000 ක් බැගින් සමාගම විසින් මුදල් ත්‍යාග ලබාදෙනු ඇත. මීට අමතරව, ළමා චිත්‍ර ශිල්පීන් 25 දෙනෙකුට දිස්ත්‍රික් වශයෙන් සමාගම විසින් ත්‍යාග පිරිනමන අතර චිත්‍ර සහ රචනා තරඟයේ දී දක්ෂතා දැක්වූ දරුවන්ට සැනසිලි ත්‍යාග ලබාදීමටත් කටයුතු කරනු ඇත.
595
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෙලින්කෝ ලයිෆ් ‘සිහින සිතුවම්’ තරඟයට නිර්මාණ 70,000 ක්
Nayani Friday, 01 September 2023 07:24 AM
සිහින සිතුවම් තරගය අවසන් ද, දිර්ග කල හැකියාවක් නැද්ද