සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට සමාගමේ නායකත්ව පෙළ ගැස්ම සහතික කිරීම සඳහා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රංග අබේනායක සහ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සමිත හේමචන්ද්‍ර යන මහත්වරුන් පත්කර ඇති බව නිවේදනය කර ඇත.
පසුගිය වසර 25ක කාලය පුරා සෙලින්කෝ ලයිෆ් සමාගමේ සේවය කර ඇති රංග අබේනායක මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප්‍රධාන මූල්‍ය නිලධාරියා වේ. සමිත හේමචන්ද්‍ර මහතා වසර 23ක් සෙලින්කෝ ලයිෆ් හි සේවය කර ඇති අතර ඔහු සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ තනතුර දරයි.
“මෙම පත්වීම් නායකත්ව ව්‍යුහයට තවත් ගැඹුරක් සහ ශක්තියක් එක් කරයි. ඉදිරි වසර 10 සිට 15 දක්වා කාලය තුළ අපගේ නායකත්ව අවශ්‍යතා සපුරා ලීමට ද ඔවුන් ස්ථානගත වී සිටිනවා,” යැයි සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ පූර්ණ කාලීන සාමාජිකයකු වන රංග අබේනායක මහතා මූල්‍ය, අවදානම් කළමනාකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය, භාණ්ඩාගාර කළමනාකරණය සහ වැඩසටහන් සැලසුම් කිරීම යන ක්ෂේත්‍රවල ප්‍රධාන කළමනාකරණ තනතුරුවල වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇත.
එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) පූර්ණ කාලීන සාමාජිකයෙකු මෙන්ම ඕස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) පූර්ණ කාලීන සාමාජිකයකු වන සමිත හේමචන්ද්‍ර මහතා සන්නාම කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අලෙවි කළමනාකරණය සහ උපාය මාර්ගික සැලසුම් යන ක්ෂේත්‍රවල වසර 20කට වැඩි පළපුරුද්දක් ඇත්තෙකි.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් ප්‍රධානියෝ