IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘සෙලින්කෝ ලයිෆ්’ වාර්ෂික වාර්තාව CMA විශිෂ්ට වාර්තා 05 අතරට

සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා ^Integrated Reports <IR>& 05න් එකක් ලෙස සම්මානයට පාත්‍ර විය.

සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය නිර්මාණය කිරීම, පාලනය, අවදානම් කළමනාකරණය සහ අනාගත දැක්ම පිළිබඳව සංක්‍ෂිප්ත සහ අදාළ වූ විස්තරයක් ඉදිරිපත් කර ඇත. තවත් එක් අභියෝගාත්මක වසරකදී ජාතියේ අවදානම් අවම කිරීමට සමාගම ඉතා ශක්තිමත් අරමුණක් ඇතිව ඉදිරියට ගිය ආකාරය මෙම වාර්තාව මගින් නිරූපණය කර තිබිණි.

2021 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා සමාගමේ මෙහෙයුම් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව මගින් එහි ආයතනික දල විශ්ලේෂණය, අගය නිර්මාණය කිරීම, භාරකාරත්වය, ආයතනික පාලනය සහ මූල්‍ය ප්‍රකාශන සඳහා ඒකාබද්ධ උපාය මාර්ග ගෙනහැර දක්වමින් එහි ‘ත්‍රිත්ව මූලික ප්‍රමුඛතා’ ^Triple Bottom Line&  මත ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද විස්තර කර ඇත.

‘සංකලිත වාර්තාකරණය ව්‍යාපාරයක සෑම අංශයකින්ම විනිවිදභාවය පෙන්වීම සඳහා අත්‍යාවශ්‍ය දෙයක් වී ඇති අතර, සමාගම්වලට අසීමිත අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට සිදුවන මෙවැනි කාල වකවානුවකදී එය විශේෂයෙන් වැදගත් වනවා’ යැයි, සෙලින්කෝ ලයිෆ් විධායක අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි පාලිත ජයවර්ධන මහතා පැවැසීය. ‘එබැවින් අපගේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය කළමනාකරණ ගණකාධිකරණ ආයතනය වන CMA හි සූක්‍ෂ්ම දර්ශකය යටතට ගෙන විශිෂ්ට ලෙස සමත් වීම ගැන අපි සතුටු වෙමු’ යැයිද ඒ මහතා පැවසුවේය.

2013 දෙසැම්බර් මස නිකුත් කරන ලද ජාත්‍යන්තර සංකලිත වාර්තාකරණ <IR>  නිර්දේශ රාමුවට අදාළ වන මාර්ගෝපදේශ භාවිත කරමින්, වාර්ෂික සංකලිත වාර්තාකරණ සම්මාන තරගාවලියේ 08 වැනි සංස්කරණයට අනුව මෙම වසරේ සලකා බැලූ සංකලිත වාර්තා ඇගයීමට ලක් කරන ලදී. මෙම අගැයීම් ක්‍රියාවලිය සඳහා ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පමණක් නොව, <IR>  යටතෙහි සපයා තිබෙන මූල්‍ය නොවන තොරතුරුද සැලකිල්ලට ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාවද CMA ආයතනය විසින් විශිෂ්ටතම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක්වූ අතර, රට තුළදී ඉදිරිපත් කෙරෙන හොඳම මූල්‍ය වාර්තා අගැයීමට ලක් කරන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ^CA Sri Lanka&  සම්මාන උළෙලේදීද රක්‍ෂණ සමාගම් කාණ්ඩයේ ඒකාබද්ධ රිදී සම්මානය දිනා ගැනීමටද සමත් විය.

595



අදහස් (0)

‘සෙලින්කෝ ලයිෆ්’ වාර්ෂික වාර්තාව CMA විශිෂ්ට වාර්තා 05 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site