IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සෙලින්කෝ ලයිෆ් වෙතින් රු.මි. 22 ක ප්‍රණාම ශිෂ්‍යත්ව

සෙලින්කෝ ලයිෆ් සමාගමේ 22 වැනි ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී හෙට දවසේ නායකයන් ලෙස හඳුනාගත් තරුණ ශ්‍රී ලාංකිකයන් 152 දෙනකුට රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි.

උග්‍රවන අධ්‍යාපන වියදම් සහ ආර්ථික අර්බුදයෙන් ජීවන වියදම කෙරෙහි ඇති කරන බලපෑම හඳුනාගනිමින් සෙලින්කෝ ලයිෆ් විසින් ප්‍රණාම ශිෂ්‍යත්වවල වටිනාකම ස්වේච්ඡාවෙන් දෙගුණ කිරීම මෙවර උත්සවයේ කැපී පෙනෙන අංගයක් විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දේශනය පවත්වමින් අනාගත අභියෝගවලට මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා ලෙස නිපුණතා සංවර්ධනය, භාෂා ප්‍රවීණතාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය සහ මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළේය.

ශිෂ්‍යත්වලාභීන් දියුණු වෙමින් මව්රටත් ගොඩනඟන බවට වන පොරොන්දුව අඩංගු ප්‍රණාම ගීතයේ අවසාන පේළි දෙක වූ ‘අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි - අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි’ යන්න ගැන සිතා බලන ලෙස සෙලින්කෝ ලයිෆ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රංග අබේනායක මහතා ශිෂ්‍යත්වලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

සෙලින්කෝ ලයිෆ් ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනකුටත්, 2021 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනෙකුටත්, 2021 අ.පො.ස. (උසස් පෙළ) දිස්ත්‍රික්කවල ප්‍රථම ස්ථානයන් හිමිකර ගත් සිසුන් 25 දෙනකුටත්, එසේම එම විභාගයේදීම 02, 03 සහ 04 වැනි ස්ථාන හිමිකර ගත් සිසුන් 66 දෙනකු සඳහාත් ශිෂ්‍යත්ව පිරිනැමිණි. තවද 2021 සහ 2022 වසරවලදී ක්‍රීඩා, සෞන්දර්යය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී ක්‍ෂේත්‍රවල ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික සිසු දරුවන් හට කුසලතා සම්මාන ද පිරිනමන ලදී.

 



අදහස් (0)

සෙලින්කෝ ලයිෆ් වෙතින් රු.මි. 22 ක ප්‍රණාම ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site