IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිලෝන් බිස්කට්ස් මයික්‍රොසොෆ්ට් සමග අත්වැලක් ගනී

 

ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් (CBL) නව්‍යකරණයන් ඔස්සේ වෙළෙඳපොළේ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීම සඳහා Microsoft සමග අත්වැල් බැඳගනිමින් නව තාක්ෂණික සහ සංවර්ධන ක්‍රමවේද භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.

මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම අන්දමින් නව තාක්ෂණය වෙත මාරුවීම සඳහා තම තොරතුරු තාක්ෂණ කණ්ඩායම වෙත ඊට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශේෂඥ දැනුම ලබාදීමට CBL සමාගම, Microsoft Azure විශේෂඥයන් සමග සමීපව කටයුතු කිරීමට පියවර ගත්තේය.

මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් සිලෝන් බිස්කට් ලිමිටට් සමාගමේ සමූහ අධ්‍යක්ෂ රසිත් වික්‍රමසිංහ මහතා මෙලෙස සිය අදහස් පළ කළේ ය.  Microsoft Azure සමග අපගේ ගමන සැබැවින්ම පරිවර්තනීය ගමනක්. මෙම බලගතු Cloud සේවාව වෙත මාරුවීම අපගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කරනවා පමණක් නොව නවෝත්පාදනය සහ වර්ධනය සඳහා නව හැකියාවන් විවෘත කර දෙනවා. මෙය හුදෙක් මූල්‍යමය වාසි පමණක් ලැබෙන පියවරක් නොවෙයි. මෙමගින් අපගේ වෙළෙඳපොළ පැවැත්ම ශක්තිමත් වන අතර, පාරිභෝගිකයන් වෙත වැඩි වටිනාකම් රැගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා. Microsoft සහ එහි හවුල්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම මේ ගමනේදී අපට අතිශයින් වැදගත් වුණා. ඉදිරියටත් ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට අපගේ නිෂ්පාදන විශිෂ්ටත්වය ගෙනයාමට අප බලාපොරොත්තු වෙනවා.”

595



අදහස් (0)

සිලෝන් බිස්කට්ස් මයික්‍රොසොෆ්ට් සමග අත්වැලක් ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site