IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සෙලාන් බැංකුවට SLIM DIGIS 2.2හිදී සම්මාන තුනක්

සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2  සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය.

සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්න, නවෝත්පාදන සහ සාර්ථකත්වය වෙනුවෙන් පිරිනමන ලද මෙම සම්මාන, අර්ථවත් වැඩසටහන් ඔස්සේ සමාජයට වැදගත් පණිවිඩ සන්නිවේදනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක් බව එම බැංකුව සඳහන් කරයි.

මෙහිදී #ResponsibleMe වැඩසටහනට විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන - ආයතනික සමාජ වගකීම්’ (Best Digital Marketing Campaign - CSR category) කාණ්ඩය සහ සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ (Best Use of Branded Content) කාණ්ඩය යටතේ පිළිවෙළින් රිදී සහ ලෝකඩ සම්මාන හිමි විය. ‘ආයතනික සමාජ වගකීම්’ කාණ්ඩය යටතේ හොඳම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා සම්මානය දිනූ #ResponsibleMe වැඩසටහන, අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම සඳහා එකිනෙකට වෙනස් ඩිජිටල් නාලිකා කිහිපයක් සමගාමීව භාවිතා කළ විශිෂ්ටතම වැඩසටහන් අතරින් එකක් ලෙස ඇගයීමට ලක් විය.  

‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ සඳහා වූ ලෝකඩ සම්මානය සෙලාන් බැංකුව වෙත හිමි වූයේ, ආයෝජනයෙන් නිසි ප්‍රතිඵල ලැබෙන ආකාරයට සන්නාමගත අන්තර්ගතයන් වඩාත් නිර්මාණාත්මක, නව්‍ය සහ ඵලදායි ලෙස භාවිතා කිරීම වෙනුවෙනි. #ResponsibleMe වැඩසටහන සෙලාන් බැංකුවේ වටිනාකම් සහ ක්‍රමෝපාය සමඟ හොඳින් ගැළපුණු බැවින් සහ ඊට අදාළ අලෙවිකරණ අභියෝගය පැහැදිලිවම ජයගත් බැවින්, මෙම කාණ්ඩයේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට එය සමත් විය. මීට පෙර, ආසියානු කලාපයේ සියලු‍ රටවල විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කළ Dragons of Asia Effective Marketing Awards 2022  සම්මාන උළෙලේදීද #ResponsibleMe  වැඩසටහනට රිදී සම්මානයක් හිමිවීම විශේෂත්වයකි.

ජාතික දිනය නිමිත්තෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට SLIM DIGIS 2.2හිදී ‘ඩිජිටල් සන්නාම නිර්භීතභාවය’ (Digital Bravery Award) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. මෙම වැඩසටහන, ඩිජිටල් මාධ්‍ය හරහා සාම්ප්‍රදායික මතවාද නිර්භීතව ආමන්ත්‍රණය කරමින් ජනතාවගේ හදවත්වලට සමීපවීම සඳහා දැරූ සාර්ථක උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ.

595



අදහස් (0)

සෙලාන් බැංකුවට SLIM DIGIS 2.2හිදී සම්මාන තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site