IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


සෙලාන් ටිකිරි ලෝක ළමා මාසය සමරයි

ලෝක ළමා දිනය වෙනුවෙන් මාසයක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට, සෙලාන් ටිකිරි පියවර ගෙන තිබේ. මෙම කාලසීමාව තුළ, එනම් 2022 ඔක්තෝබර් 01 දින සිට 2022 ඔක්තෝබර් 31 දින දක්වා, අලුතින් විවෘත කරන ලද සෙලාන් ටිකිරි ගිණුම් ඇතුළුව සියලුම සෙලාන් ටිකිරි ගිණුම්වල මුදල් තැන්පත් කිරීමේ දී විශේෂ ත්‍යාග හිමිවන බව සෙලාන් බැංකුව සඳහන් කරයි.

රටේ පවතින උද්ධමනය හමුවේ වියදම් අවම කරගැනීමේ පියවරක් ලෙස බොහෝ පවුල් මේ වනවිට ගෙවතු වගාවට යොමු වී සිටිති. මෙම තත්ත්වය මැනැවින් අවබෝධ කරගනිමින්, රටේ දරුදැරියන්ට ද ගෙවතු වගාවෙහි වැදගත්කම පෙන්වා දීම සඳහා ලෝක ළමා දින සැමරුම් වලදී ගෙවතු වගාවට මුල්තැන දීමට සෙලාන් ටිකිරි කටයුතු කළේ ය.

ඒ අනුව, සෙලාන් ටිකිරි ගිණුමක රු. 25,000/- ක් තැන්පත් කිරීමේදී ගෙවතු වගාවට අත්‍යවශ්‍ය උපාංග සහ බීජ ඇතුළත් තෑගි කට්ටලයක් හිමිවන අතර, සෙලාන් ටිකිරි ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමටද අවස්ථාව හිමි වේ. මෙම වැඩසටහන තුළදී  වයස අවුරුදු 12 දක්වා දරුවන්ට රු. 500,000/- ක් දක්වා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

රු. 100,000/- ක මූලික තැන්පතුවකින් නව සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කරන අවස්ථාවක දී ගිණුම් හිමියාට ඉහත සඳහන් ගෙවතු වගා කට්ටලයට අමතරව තෑගි වවුචර් 7 ක් සහ තවත් අතිරේක ත්‍යාග 3 ක්ද හිමි වේ. අලුත් හෝ දැනට පවතින සෙලාන් ටිකිරි ගිණුමක රු. 5,000/- ක් තැන්පත් කළ විට ගිණුම් හිමියාට ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමේ අවස්ථාව පමණක් හිමි වනු ඇත. මීට අමතරව ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් පිරිනැමීම සඳහා සෙලාන් ටිකිරි මේ වනවිට ඇට්ලස්, CIB බාටා සහ ලුමාලා වැනි සමාගම් සමගද අත්වැල් බැඳගෙන සිටී.

595



අදහස් (0)

සෙලාන් ටිකිරි ලෝක ළමා මාසය සමරයි

ඔබේ අදහස් එවන්න

දියත


අනධ්‍යයන සේවක විරෝධයෙන් පුරහල වැසෙයි
2024 මැයි මස 07 320 0

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක


2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප
2024 මැයි මස 07 339 0

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කො


ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ
2024 මැයි මස 07 416 1

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ


මගියා බසයේදී මිය ගිහින්
2024 මැයි මස 07 472 0

කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .


දොළොස්දාහක බිලටත් මන්ත්‍රී ජගත් කුමාරගේ ලයිට් කපලා
2024 මැයි මස 07 733 3

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 537 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1989 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1761 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site