
(බී.ජී. චතුරංග)
විද්‍යා අංශයෙන්,විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවකු සහ ඔහුගේ බාල සහෝදරයා එක්ව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනයකින් සොරකම් කරන ලද ලක්ෂ 5කට ආසන්න භාණ්ඩ තොගයක් සහ ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී, සොරකම් කරන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හතක්, බ්ලෙන්ඩරයක්, අධි තාක්ෂණයෙන් යුතු ගුවන් විදුලි යන්ත්‍රයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා පසුගිය 9දා අනුරාධපුර, ධර්මපාල මාවතේ, මාකට් පෙදෙස ආසන්නයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ වෙළඳ ආයතනයකට අයත් ශාඛාවකට ඇතුළු වී මෙම භාණ්ඩ සොරා ගෙන ඇති බව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා සොරකම සඳහා භාවිත කළ ත්‍රී රෝද රථයද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර වැඩි මහල් සහෝදරයා විද්‍යා අංශයෙන් දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අයකු බවත්, බාල සහෝදරයා මත් ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී පුනරුත්ථාපනයට ලක් කර සිට පැමිණි අයකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා වගේ අය තමයි උපාධි අරගෙන රජයේ උසස් තැන්වලට ගියාට පස්සේ හතරවරම් කෙළින්නේ...