(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු හෝමාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයි හෝමාගම රෝහල් පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එම තාක්ෂණ ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 25 ක් වයස කටුගම්පල ගේ මලිත් යශෝධ නෙමැති සිසුවාය.
මෙම සිසුවා කටුපොත පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටී සිටි මෙම සිසුවා කඩිනමින් රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි රෝහල් පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද තුන් වෙනි දින පැවැත්වීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදය හේතුවෙන් ...... අපරාධකරු අත්අඩංගුවට ගන්න.
කොවිඩ් 3 වන එන්නත ගහපු කෙනෙක් ද කියල බලන්න..