(තිළිණි ද සිල්වා)
මෙරට රජයේ විශ්ව විද්‍යාලවල ඊ - ඉගෙනුම් (e- learning) ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට උපදෙස් දී තිබේ.
මෙම වැඩසටහන හෙට (23) සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසීය.
සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල වලින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ඇත.
පවතින තත්ත්වය සමතයකට පත්වන තෙක් පමණක් අන්තර්ජාල පහසුකම් සැපයීම නොමිලේ සිදු කරන බව නිවේදනයක් නිකුත් කරමින් රජය කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවක්. ප්‍රයෝගික නොවන විෂයන් අන්තර්ජාලය හරහා ඉගැන්වීම ආරම්භ කල යුතුව තිබුනේ මීට පෙරයි. ලෝකයේ සමහර විශ්ව විද්‍යාල වල දේශන පවා පරිගණක දත්ත ගබඩාව හරහා සිසුන්ට ලබා ගත හැකියි. මෙය අද සිසුන් මුහුණ පාන නේවාසිකාගාර, අහාර පාන වියදම් අවම කර ගැනීමට හොඳ පිලියමක්. එමෙන්ම මෙම ක්‍රියාවලිය හරහා සිසුන් වැඩි ගණනක් විශ්ව විද්‍යාල වලට බඳවා ගත හැකි වනු ඇත.