
(ඩයනා උදයංගනී)
නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක් සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයෙක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න යන මහත්වරු පත් කර තිබේ.
අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (7) පෙරවරුවේ භාර දී ඇත.
දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනි ජනිතා ලියනගේ මහත්මිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිධූරයට පත්වීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වී තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙට්ටු වෙලා
මේ උගත් මිනිස්සු මෙච්චර දෙකට නැමෙන්නේ ඇයි ?තනතුරක් දුන්න සතුටටද?
එතකොට කොළඹට සිවුරු ගමට කෝට් ?
ශ්‍රී ලාංකික උගතුන්ට අධ්‍යාපනය විසින් කොන්දක් දුන් කාලයකට ලංකාව දිව්නු වේවී… මේ සියලු ප්‍රශ්ණ වලට මුල උගතුන් ධෙෙර්යමත්ව හොඳ නරක වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වීමයි.
කඩේගිය කහකඩයෝ හිඟ වෙලා වගේ.....