(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරියේදී පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වී එහි වගකීම් බාරගත යුතුය යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩිව සිටින බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් පස් දෙනකු දැනටමත් ආණ්ඩුව සමඟ සම්බන්ධ වී සිටින අතර ,පක්ෂය සමග දැනට සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නව දෙනෙකි.
එයින්ද වැඩි දෙනකුගේ අදහස වී ඇත්තේ, ශ්‍රීලනිපය සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වි, වගකීම බාර ගෙන රජයේ ඉදිරි කටයුතුවලට සහාය දිය යුතු බව යැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීම් කියන්නේ ඉතින් ඇමැතිකම් සහ වරප්‍රසාදනේ...!
නන්නත්තාර වෙලා ඉන්නේ දැන්... කබරයින්ට හොඳ අවස්ථාවක්...
එල්ලෙන්න වැලක් සොයන අතට සර්වපාක්ෂිකය හොඳයි..