IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි

(සුජිත් හේවාජුලිගේ)

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී  අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යනවිට 92 වැනි වියේ පසුවිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන ප්‍රදේශයේදී 1931 නොවැම්බර් මස 5 වැනිදා උපත ලැබූ ආරියරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ සහ ප්‍රජා සංවර්ධනයේ අඛණ්ඩ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන ආරියරත්න මහතා කලක් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු ලෙසද කටයුතු කළේය.

ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන්ද , ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන්ද ලැබීය.

හෙතෙම වසර හැට තුනකටත් වැඩි කාලයක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය පවත්වාගෙන යමින් සිය සේවය අඛණ්ඩව කරගෙන ගියේය.

ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ ජනතාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක්ද දිනාගත්තේය.

ඔහු ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ජනාධිපතිවරයා අතින් 2007 වර්ෂයේ දී ද , ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය) 1969 වර්ෂයේදී ද සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානය (බෙල්ජියම) 1982 වර්ෂයේදීද නිවානෝ සාම ත්‍යාගය (ජපානය) 1992 වර්ෂයේදීද සහ මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) 1996 වර්ෂයේදීද මෙසේ දිනාගෙන ඇත.

ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

 

 



අදහස් (7)

සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි

බුද්දික Tuesday, 16 April 2024 08:33 PM

ලන්කාවේ ගම්වලට විශාල සේවයක් කළ කෙනෙක්. ඈත ගම්වල දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන මට්ටම දියුණු කරන්න සර්වෝදය තුළින් මෙතුමා විශාල සේවයක් කළා. ගම්වල පාරවල්, වැව්, අමුණු බොහෝ දේවල් ඉස්සර කලේ සර්වෝදයෙන්... ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම පුද්ගලයෙක්. නිවන් සුවය ලැබේවා..!

:       0       3

ranjith Tuesday, 16 April 2024 08:47 PM

රටට දැයට වැඩක් කරපු යහපත් මනුස්සයෙක්... නිවන් සැප ලැබේවා...!

:       0       1

I k s chandrasiri Tuesday, 16 April 2024 09:43 PM

නිවන්සුව ලැබේවා

:       0       7

මාරයා Tuesday, 16 April 2024 11:27 PM

ආණ්ඩුවේ සිංහල අවුරුදු නැකත් සීට්ටුව බොහොම ලස්සනට වැඩකරන්න අරන් වගේ ...ඊයේ තෙවරප්පෙරුම ,අද ආරියරත්න මහත්මයා ..හෙට ? යකෝ කාලකන්නි මිනීමරු හොරු මැරෙන්නේ කවදාද ?

:       5       5

Bamunuarachchi Friday, 19 April 2024 01:30 PM

ඔබේ ඉල්ලීම ඉෂ්ට කිරීම හෙට අනිද්දා ඔබෙන්ම පටන්ගන්නම මාරයෝ

:       0       0

Bunny Preena Wednesday, 17 April 2024 08:46 AM

පබාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       1       4

Mahen Wednesday, 17 April 2024 09:46 AM

සුදු ඇඳගෙන කළු ඇවිදින් යන්න ගිහින්..

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 710 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 276 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 890 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 304 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 759 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 391 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1908 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1689 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site