
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේය.
නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් දෙදෙනාට පැවරී ඇති මෛහයුම නම්, මාස ගණනක් තිස්සේ අභ්‍යවකාශ නැවතුම්පොළේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා වන බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් ආපසු පෘථිවියට රැගෙන ඒමය.
බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් දින අටක කාලයක් සඳහා බෝයිං ස්ටාර් ලයිනර් ගගන කැප්සියුලය අත්හදා බලමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් පසුගිය ජූනි මාසයේ ය.
කෙසේ නමුත් බෝයිං ස්ටාර් ලයිනර් කැප්සියුලයේ දෝෂයක් හටගත් අතර, එහි නැගී ආපසු පෘථිවියට පැමිණීම අනතුරුදායක විය. ස්ටාර් ලයිනර් කැප්සියුලය පමණක් මීට සති කීපයකට පෙර ආපසු තනිවම පෘථිවියට ගෙන්වා ගනු ලැබුණි.
2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි