
(සුජිත් හේවාජුලිගේ )
රස පරීක්ෂණ වාර්තාව ප්‍රමාදවීම හේතුවෙන් බන්ධනාගාර ආයතන 22ක සැකකරුවන් පහළොස් දහස් එකසිය දාහතක පිරිසක් (15117) නිදහස්ව යෑමට නොහැකිව රැඳී සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
එසේම සුළු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ආයතන විසි අටක රැඳවියන් 1940ක පිරිසක්ද රදවා සිටින බව එම වාර්තාවේ දැක්වේ.
බන්ධනාගාරවල තදබදය වැඩිවීමට මෙය ප්‍රධාන හේතුවක් බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මේ අතර මත්ද්‍රව්‍ය භාවිතය විකිණීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත ගතවන රැඳවියන් ( සිරකරුවන් සහ සැකකරුවන්) අනෙකුත් රැඳවියන් සමග වෙන් නොකර රඳවා තැබීම හේතුවෙන් පාතාල ක්‍රියාකාරීන් සමග මිශ්‍රවීමෙන් ඒවායේ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී බරපතළ සමාජ අර්බුදයක් නිර්මාණයවී ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කල යුත්තේ වැඩියෙන් සිර ගෙවල් සැදීම නොව, රස පරීක්ෂක රසායනාගාර සෑදීමයි. මේ වාර්තා පුද්ගලික අංශයෙන් හෝ විදේශ රටකින් ලබා ගත හැකිද යන්නද සොයා බැලිය යුතුයි.
මේ බන්ධනාගාර ප්‍රශ්ණයට සමස්ථයක් ලෙස විසඳුම් අවශ්‍යයයි.
සුළු වැරදිවලට අත්අඩංගුවට ගෙන දඩ මුදල් ගෙවා ගන්න බැරිව ඉන්න අය සහ සැකපිට අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල රස පරීක්ෂක වාර්තාව එනකන් කරන්න තියෙන්නේ සැකකරු/සැකකාරිය රිමාන්ඩ් කරනවාට වඩා නිවාස අඩස්සියේ තැබීම, පවුලේ ළඟම ඥාතීන් දෙදෙනෙකුගේ ඇප මත රජයේ වැඩබිම්වල සේවයට යෙදවීම සහ සතියකට වරක් පොලිස් ස්ථානයේ පෙනී සිටීමට නියෝග ලබා දීමත්, ඔවුන් ගැන නිරීක්ෂණය කිරීමත්ය. හිරගෙවල්වල තදබදය මඟහරවා ගැනීමට මෙම ක්‍රමය උපකාරී වනු ඇත.