
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාරයන්හි කලබල සහ අරගල පිටත සිටින සංවිධානාත්මක පිරිසක් මෙහෙයවනවාදැයි තමාට සැකයක් මතු වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය
හේතුවක් නොමැතිව මෙවැනි සිද්ධි ඉස්මතුවීම් මීට පෙර නොවූ හෙයින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර සොයා බලන බව හෙතෙම සඳහන් කළේය.
බන්ධනාගාරයන්හි ගැටුම් ඇතිවීමට තදබදයද එක් හේතුවක් වුවත් ඒ තදබදය මේ රජයේ බලයට පත්වීමට පෙර සිටම තිබූ එකක් බව ඔහු කීය
බන්ධනාගාරවල තදබදය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා කීය.
මහර බන්ධනාගාරයේ දේපළ රැසකට රැඳවියන් හානි කර ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන පවත්වා දැඩි පියවර ගන්නා බවත් හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම පැහැදිලි වෙමින් යනවා ඔබතුමාට මේ වැඩේ හරියට කරගන්න බැහැ කියල .
අනිවාර්යෙන් විපක්ෂය මෙහෙයවන අපරාධ කල්ලි වෙන්ඩ ඇති.
ඒ ගැන නම් සාධාරණ සැකයක් අපිටත් තියෙනවා. මොකද සිද්ධියක් වෙනවිටම සිර කරුවන් ගේ ඥාතීන් කියාගන්නා පිරිස් බන්ධනාගාරය වට කරනවා. වග කිවයුතු අංශ මගින් ඔවුන් ගේ අනන්‍යතාවය සොයා බැලිය යුතුයි. ඔවුන් සැබවින්ම සිර කරුවන් ගේ ඥාතීන් ද, ඔවුන් ගේ පදිංචිය කොහේද? සිදුවීම වෙද්දීම ඔවුන් එතනට ආවේ කෙසේද? අනිවාර්යයෙන්ම මෙම තොරතුරු අනාවරණය කරගත යුතුයි.
දැනුයි මොලය පෑදීගෙන එන්නේ වාසුගේ කොලුවට !
බොහෝදුරට මේක ඇත්තක් වෙන්න පුළුවන්. මිනීමරු, හොර නායක නඩේ උපරිම උත්සාහ ගන්නවා මේ ආණ්ඩුව පෙරලන්න.
ඇමතිතුමා කතා කරන්නේ ලංකාවේ සිරකරුවන් බොහෝම රසට කාලා බීලා, කිසිම කරදරයක් නැතුව සුව පහසුව ඉන්නවා වගේයි. ඇමරිකාවේ සහ එංගලන්තයේ එහෙම වෙන්න පුළුවන්. ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ සිරගෙවල් මිහිපිට අපායවල්. ඒවා වල සිදුවන දූෂිත සහ අමානුෂික ක්‍රියා නවත්වන්න. එගොල්ලන්ව මානුෂිකව සලකන්න. ප්‍රශ්න බොහෝ දුරට අඩුවෙයි. වහලා තියෙන ඇමති සහ ජනාධිපති බංගලා ටිකත් බන්ධනාගාරයේ අඩුපාඩු මඟහරවා ගන්න භාවිතා කරන්න. ඒවා හොඳ විකල්ප වේවි.
ලුම්බිනිට බැරිද මේ වැඩේ බාරගන්න
ආයි දෙකක් නැ පිටිපස්සෙ ඉන්නෙ නැ මොලයා, බය වෙන්න එපා මේ ගැන හොයන්න ජනතාව ඉන්නෙ මේ අපාරධ වැඩවලට විරුද්දව
ලුම්බිනිද, නාමල්ද, පුතානෝද හොඳ?
@Bunny Preena, මේ හිරකාරයෝ උන් හිරේ යන්න කරපු අහිංසක වැඩ, කරන්න කලින් තමයි හිතන්න තිබුණේ ඇමරිකාවේ ලැබෙන පහසුකම් ගැනයි, ලංකාවේ තියෙන සුපිරි පහසුකම් ගැනයි. හොඳ සංසන්දනයක් කරල ඕන ඔය ධාර්මික වැඩ කරන්න.
පිටතින් පිටතින් කවුද දන්නවද?අනුරයි ටිල්විනුයි
අනිවාර්යයෙන්ම ඕක පිටිපස්සේ රාජපක්ෂලා ඉන්නවා ..මීට JVP
පිටිපස්සේ වැඩවලට දක්ෂ රනිල්, සාගල තමයි.