
(ගයාන් සූරිය ආරච්චි)
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන් කාරී තත්ත්වය ඇතිකළ බව කියන රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරු කර යවා ඇතිබව මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා පැවසීය.
එම මාරුකර යැවූ රැඳවියන්ගේ නාම ලේඛනය ප්‍රධාන දොරටුවේ ප්‍රදර්ශනය කර ඇති බවද මහර බන්ධනාගාර අධිකාරීවරයා පැවසීය.
අමුත්තන් බැලීම අද (3) දින සිට දින තුනක් ප්‍රමාද කිරීමට සිදුවන අතර හානි සිදුවී ඇති දේපොළ ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා කටයුතු කිරීමට සිදුවන බැවින් මෙසේ අමුත්තන් බැලීම දින තුනක් ප්‍රමාද කරන බවද මහර බන්ධනාගාර අධිකාරිවරයා කීය.
බන්ධනාගාරය තුළ රැඳී සිටින රැඳවියන් සාමාන්‍ය පරිදි මේ වනවිට කටයුතු කරන අතර ඔවුන්ගේ ඥාතීන් කිසිදු බියක් සැකයක් ඇතිකර නොගත යුතු බවද ඔහු කීය.
මහර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරය තුළ නිරීක්ෂණය කරමින් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (2) සිදු කරනු ලැබූ අතර මාව බන්ධනාගාරය තුළ වූ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විවිධ අංශ මඟින් පරීක්ෂණ සිදු කරනබවද රෝහණ ගලප්පත්ති මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd