(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කරනල්වරයකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් මත එම හෝටලයට බීමතින් පැමිණ ගල් ගසා හානි සිදු කළේ යැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බුත්තල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මඩොල් සිම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින 56 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
බුත්තල ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය සම්බන්ධයෙන් සහෝදරයින් දෙදෙනා අතර පැවති ආරවුල සම්බන්ධයෙන් බුත්තල පොලිසිය අධිකරණයට ඊට පෙර කරුණු වාර්තා කර තිබිණි යැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාළහාමි මං පොලිසියේ රාළහාමි මං... සාමය ආරක්ෂා කරන නිලධාරියා මං... ඉතින් මෙහෙම රාළහාමි නොවෙයි, විශ්‍රාම පූර්ව නිවාඩු ගතකරන අයි.පී මහත්තයෙක් වෙනකොට තමන්ගේ අයියා නැත්නම් මල්ලී සමග ප්‍රශ්නය විසඳන්නේ මෙහෙම නම් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කොහොම විසඳනවා ඇද්ද? විසඳන්න ඇද්ද අපේ හාමුදුරුවනේ...!
හමුදා හා පොලිස් නිලධාරින් රජයේ සේවකයින්. ඔවුන්ට හෝටල් වැනි ව්‍යාපාර අයිතිකර ගැනීමට නීතියෙන් ඉඩ තිබේද?