(අජන්ත කුමාර අගලකඩ)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ රැසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පස්වරුවේ රැස් වී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ජාතික ජන බලවේගය හැරුණුකොට විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් සහභාගී වී ඇතැයි වාර්තා වේ.
අතුරලියේ රතන හිමියන් ද, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂමන් කිරිඇල්ල,රවුෆ් හකීම් ,වාසුදේව නානයක්කාර ,පාඨලී චම්පික රණවක ,එම් ඒ සුමන්තිරන්,උදය ගම්මන්පිල, ජීවන් තොන්ඩමන්,මොහොමඩ් මුසම්මිල්, ගෙවිදු කුමාරතුංග ,දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර ,ඒ එල් එම් අතාවුල්ලා, අනුර ප්‍රියදර්ශන යාපා ,මහාචාර්ය චරිත හේරත් ,ප්‍රේමනාත් දොලවත්ත,චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල මහාචාර්ය තිස්ස විතාරණ යන මන්ත්‍රීවරුන් ද ඊට සහභාගි වී ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවීම සම්බන්ධයෙන් මෙන්ම, විසිඑක්වැනි සංශෝධනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම මහදැනමුත්තලා එකතුවෙලා හදන්නේ මුට්ටිය බේරගන්න මිස එළුවව බේරගන්න නොවෙන හැඩයි...
මේ රට නැමැති නැවෙහි මිනිසුන් සියලු යස ඉසුරෙන් පිරි ජීවිතයක් ගත කළා.නැව හොඳ ගමනක් ගියා.ඒත් කිසිදා නොපිපෙන කිඩාරම් මල් පොහොට්ටුවක් මේ නැවට වැටුණා .කිඩාරම් මල් පොහොට්ටුවේ සිටි දූෂිතයන් නැවේ සියළු දේ හොරකම් කරා.දූෂණ වංචාව ඉවවහා ගියා.නැව හිස් උනා. නැවේ සිටින මිනිසුන් බංකොලොත් උනා.නැව මුහුද මැද අතරමං වෙලා.නැව නිවැරදි දිසාව බලා පැදවිය නොහැකි අදක්ෂ නැව් කප්පිත්තා ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය තාමත් නැවට අරක්ගෙන සිටිනවා.
මේ වෙලාවේ බලයට කෑදරකමේ පුස්වැඩ කරකර ඉන්නකොට මිනිස්සු මැරිලා තියෙයි. නියම රටට ආදරේ නම් ඔය කට්ටියත් බලයේ ඉද්දි නීති විරෝධීව උපයාගත් ධනස්කන්දයක් තිබේ නම් වහාම රජයට බාරදෙන්න. පිටරට හංගලා තියෙන සල්ලිත් එක්කම.., එතකොට අනික් කට්ටියත් ඒ පිළිවෙත අනුගමනය කරයි. දැන් උපාසකයින් වෙන්න බැහැ ලේසියෙන්. ජනතාව මේ විඳින දුකට ඔය සැමදෙනාම වගකිව යුතුයි.. දේශ ප්‍රේමියොත් එක්කම...