IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති - සජබ සාකච්ඡාව අද

(නිමල කොඩිතුවක්කු සහ සුජිත්හේවා ජූලිගේ)

රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත අද (5) පස්වරු තුනට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක් වීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් සහ සමගි ජන සන්ධානයේ පක්ෂ නායකයන් එම මෙම හමුවට සහභාගී වන බවත් මහලේකම්වරයා පැවසීය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ආරාධනාවට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් හෙතෙම පැවසීය.

වර්තමාන රජය සාමකාමී අරගලකරුවන් සම්බන්ධයෙන් සිදුකරන මර්දන කාරී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තීන්දුවක් ගන්නා බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා තවදුරටත් කීවේය.

 



අදහස් (2)

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති - සජබ සාකච්ඡාව අද

kamal Friday, 05 August 2022 03:03 PM

ලැජ්ජා නැතිකම මහා මුදලි කමටත් ඉහළයි කිව්වේ නිකන්ද?

:       0       2

de silva Friday, 05 August 2022 05:22 PM

දැනට පත්වෙලා ඉන්න ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳන්න බැරිබව තේරුම් අරගත්තා නම් ඒගොල්ලන් ඉවත්වෙලා අපට ඡන්දෙකින් කැමැති කෙනෙකු තෝරලා යවන්න අපට ඉඩදෙන්න ඕනේ. එක එක පැලැස්තර ඇලෙව්වට මේ ප්‍රශ්න විසඳන්න බෑ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site