IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපේ සහාය‘‘

(ලක්ෂ්මී ජයකොඩි)

ජාතික ගැටලූව විසඳා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම අත්‍යවශ්‍ය බැවින් එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ඉල්ලමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලූ මන්තී‍්‍රවරුන් වෙත යවා තිබු ලිපිය පිළිබඳව  අදහස් දක්වමින් සම්බන්දන් මහතා මේ බව සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරමින් ජනාධිපතිවරයා සියලූ මන්තී‍්‍රවරුන්ට යැවු ලිපිය අපටත් ලැබුණා. එම ලිපිය මම බැලූවා. නමුත් තවමත් එයට මම පිළිතුරක් යැව්වේ නැහැ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත සමුළුවට අප සහභාගිවීමටත් එයට පුර්ණ සහයෝගය ලබාදීමටත් තීරණය කර තිබෙනවා.

රටේ ප‍්‍රශ්න මෙන්ම ජනතා ප‍්‍රශ්න විසඳා ගැනීමත් මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ඉතා වැදගත්. රටේ පවතින ආර්ථික ගැටලූ, දේශපාලන ගැටලූ මෙන්ම සාමාජීය ගැටලූ විසඳා ගැනීමට මේ අවස්ථාවේ අපට ලබාදිය හැකි පුර්ණ සහයෝගය ලබාදෙනවා.

 



අදහස් (8)

‘‘සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපේ සහාය‘‘

මැක්ස් Monday, 01 August 2022 01:45 PM

විසඳීමට ඇති "ජාතික ගැටලුව" කුමක්දැයි කරුණාකර මුලින් රටට කියන්න. දකුණට ඇති එහෙත් උතුරට නැති කුමක් හෝ අයිතිවාසිකමක්, ආරක්ෂාවක් හෝ විශේෂත්වයක් ඇති නම් ඒ බව කියන්න. දෙමළ ජනයාගේ නාමයෙන් ඔබගේ (දෙමළ නායකයන්ගේ) අභිලාෂ ඉටුකර ගැනීමට උත්සාහ කරනවා නම් ඒවා ප්‍රායෝගික නොවන බවද අත්දැකීම් බහුල වයෝවෘද්ධ දේශපාලකයකු වශයෙන් ඔබතුමාට තේරුම් යනු ඇති...

:       4       23

ganegoda Monday, 01 August 2022 02:10 PM

දැන් ඔයා තනතුරුවල හිටියා ඇති කියලා හිතෙන්නෙ නැද්ද? තණ්හාව තවමත් නැතිවුණේ නැද්ද?

:       2       11

Bamunuarachchi Monday, 01 August 2022 03:34 PM

ඒ කියන්නේ අපිටත් ඇමැතිකම් සහ අනිකුත් වරදාන ඕනේ එහෙමද? ඇමතිකම් සහ අනිකුත් වරදාන නැතිව සර්වපාක්ෂික රජයකට සහාය දෙන්න කැමැතිද? අපි දන්නවා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා...

:       3       11

senaMonday, 01 August 2022 03:56 PM

ඇමතිකම් රාජපක්ෂලට විතරද ඕනේ

:       8       7

BamunuarachchiTuesday, 02 August 2022 06:39 AM

තම පක්ෂකයට ආණ්ඩු බලය ලැබුනාම ඇමතිකම් ගන්න. මොවුන් මෙතනට එන්නේ මොකටද? රටේ ප්‍රශ්නය ඩොලර් නැතිකමනම් කොහෙවත් ඉන්න ගොයියෙකුට ඇමතිකමක් දීලා රටට විදේශීය විඳීම හොයන්න් පුලුවන්ද? වෙන්න බෙදාගෙන කෑමයි? ඔක්කොම ඇමතියෝ විරුද්ද පක්ෂයක් නැහැ. බද්යුදීන්ට හකීම්ට සංස්කුතික ඇමතිකම දීලා රටට ඩොලර් එනවාද? ඝෝඨාභය පත් කල මුස්ලිම් ඇමති කිව්වකතාව මතකනේ. මට රැකියාවකට මිනිහෙක් දා ගන්න බැහැයි කිව්වා.

:       0       0

fairoosMonday, 01 August 2022 05:40 PM

තවත් ඉන්නවනේ මේ රටේ බත් කන හරක්...

:       1       1

BamunuarachchiTuesday, 02 August 2022 06:31 AM

රටේ බත්කන හරක් හිටිය නිසා තමයි අමාත්‍යාංශ 43 ම දීලා ගම්මිරිස් කර්මාන්තයත් කා ගත්තේ. රටේ 9% ඉන්න අයට මොන අමතිකම්ද? මන්ත්‍රී කමත් වැඩී. ඒ ඒ පලාත්වල ගම්සභා මන්ත්‍රීකම හොඳටම ඇති.

:       0       0

Kule Monday, 01 August 2022 04:48 PM

රටේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක, රට ඒ අර්බුදයෙන් ගොඩනගාගැනීම සඳහා සහයෝගය ලබාදීමට ඉදිරිපත් වීම අගේකොට සලකමි. නමුත් ඒ මතින් රජයට කොටින්ගේ ඉදිරිපත් කෙරේ නම් සුදුසු නැත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site