(ලක්ෂ්මී ජයකොඩි)
ජාතික ගැටලූව විසඳා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම අත්‍යවශ්‍ය බැවින් එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ඉල්ලමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලූ මන්තී‍්‍රවරුන් වෙත යවා තිබු ලිපිය පිළිබඳව අදහස් දක්වමින් සම්බන්දන් මහතා මේ බව සඳහන් කළේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරමින් ජනාධිපතිවරයා සියලූ මන්තී‍්‍රවරුන්ට යැවු ලිපිය අපටත් ලැබුණා. එම ලිපිය මම බැලූවා. නමුත් තවමත් එයට මම පිළිතුරක් යැව්වේ නැහැ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත සමුළුවට අප සහභාගිවීමටත් එයට පුර්ණ සහයෝගය ලබාදීමටත් තීරණය කර තිබෙනවා.
රටේ ප‍්‍රශ්න මෙන්ම ජනතා ප‍්‍රශ්න විසඳා ගැනීමත් මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ඉතා වැදගත්. රටේ පවතින ආර්ථික ගැටලූ, දේශපාලන ගැටලූ මෙන්ම සාමාජීය ගැටලූ විසඳා ගැනීමට මේ අවස්ථාවේ අපට ලබාදිය හැකි පුර්ණ සහයෝගය ලබාදෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසඳීමට ඇති "ජාතික ගැටලුව" කුමක්දැයි කරුණාකර මුලින් රටට කියන්න. දකුණට ඇති එහෙත් උතුරට නැති කුමක් හෝ අයිතිවාසිකමක්, ආරක්ෂාවක් හෝ විශේෂත්වයක් ඇති නම් ඒ බව කියන්න. දෙමළ ජනයාගේ නාමයෙන් ඔබගේ (දෙමළ නායකයන්ගේ) අභිලාෂ ඉටුකර ගැනීමට උත්සාහ කරනවා නම් ඒවා ප්‍රායෝගික නොවන බවද අත්දැකීම් බහුල වයෝවෘද්ධ දේශපාලකයකු වශයෙන් ඔබතුමාට තේරුම් යනු ඇති...
දැන් ඔයා තනතුරුවල හිටියා ඇති කියලා හිතෙන්නෙ නැද්ද? තණ්හාව තවමත් නැතිවුණේ නැද්ද?
ඒ කියන්නේ අපිටත් ඇමැතිකම් සහ අනිකුත් වරදාන ඕනේ එහෙමද? ඇමතිකම් සහ අනිකුත් වරදාන නැතිව සර්වපාක්ෂික රජයකට සහාය දෙන්න කැමැතිද? අපි දන්නවා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා...
රටේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක, රට ඒ අර්බුදයෙන් ගොඩනගාගැනීම සඳහා සහයෝගය ලබාදීමට ඉදිරිපත් වීම අගේකොට සලකමි. නමුත් ඒ මතින් රජයට කොටින්ගේ ඉදිරිපත් කෙරේ නම් සුදුසු නැත.