
(අංජුල මහික වීරරත්න)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙි දී සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙන අතර එම සාකච්ඡා සාර්ථක බව කී ජනාධිපතිවරයා ඒ අතර විවිධ මත දරණ කණ්ඩායම් සිටින බව සඳහන් කළේය.
සාකච්ඡා මගින් වැඩි මතයට ඉඩක් දී නිවැරදි වැඩපිළිවෙළක් රට වෙනුවෙන් ඉදිරිපත් කිරීම අරමුණ බව ජනාධිපතිවරයා කීය. නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා මකුලෑවේ විමල රාමඤ්ඤ නිකායේ මහානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නය හමුවේ මෙි බව කීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ ලේඛකාධිකාරී අත්තංගනේ ශාසනරතන හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි හල්පන්විල පාලිත නාහිමිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මීට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් ජනමතයක් නැති ජනාධිපතිගේ ඉඳන් තනතුරු නැතිවෙයිනේ...
හොරු බොරුකාරයින්ට ජනතාවගේ සල්ලි බෙදනවා කිව්වොත් මා නිවැරැදියි නේද?
ඔන්න ඔහොමනේ ලොක්කා කෙරෙන්න ඕනෑ. ඉක්මණටම අර රාජපක්ෂ ඇමති ලිස්ට් එක අයින් කරන්න. පොහොට්ටුවන් වුණාට කමක් නැහැ වැඩක් කරන්න පුළුවන් කණ්ඩායමක් ගන්න. සමූහ රජයකට බහුතරය ගැටළුවක් නෙමෙයි, ආසන සංවිධානය කරන්න ඕනෙත් නැහැනේ...!
රනිල් දක්ෂතාවයට නොවේ ප්‍රමුඛත්වය දෙන්නේ. හොරාකෑමට දක්ෂ අයට පමණයි අවස්ථාව දෙන්නේ. සෞඛ්‍ය ඇමැතිකම චන්න ජයසුමන වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සිටියදී එම ඇමැතිකම දුන්නේ ඒ ගැන අබමල් රේණුවක දැනුමක් නැති හොරකමට කප් ගහපු කෙනෙකුට...!
කුසලතා මත දෙනවා නම් 5 වරක් අගමැතිකම කරලා රට මේ දරුණු අගාධයට ඇදදාපු ඔබත් ඔය තනතුරෙන් අයින් වෙලා සුදුස්සෙක් පත්කර ගන්න ඡන්දයක් තියන්න.
වචනයේ පරිසමාප්තියෙන්ම ඔය කියන සුදුසුකම් පැහැදිලි කරන්නකෝ... දැනට ඉන්න කට්ටිය නම් තාවකාලිකයි නේද? ඒ හින්දා තමයි ඒගොල්ලන්ගේ සුදුසුකමුයි, තනතුරුයි.. සංසංදනය නොකරන්නේ...
හැමෝම ඔහොම කියලා තමයි එන්නේ...
කුසලතා මත බෙදුවොත් ඔහෙට ඉතිරිවෙන දෙයක් නෑනේ..!
ජනපතිකම ලැබුණු දා පටන් වැඩි හරියක් පන්සල් ගානේ? කුසලතා හා දක්ෂතාමත කාටද,කවද්ද ඇමතිකම් ලැබිලා තියෙන්නේ ,ඉන්නේ වැඩිපුරම පට්ට හොරුනේ ?
අපොයි ඔව්. දැන් පත්කරගෙන ඉන්න ඇමති මණ්ඩලයේ බොහෝ දෙනෙක් ගැන බලනකොට නම් කුසලාතාමත පත්කලා කියල කියන්න අමාරුයි. නිකන් සුදුලූනු පොඩිකරන්නේ නැතුව ඉන්න මහත්තයෝ.
බහුතරයක් ජනතවගේ දේශපාලන දැනුම ඉතා පටු නිසා ආත්මාර්ථකාමී බල දේශපාලන පොරොන්දු වලට නතුව ඡන්දය ප්‍රකාශ කරන නිසා රට පාලනය කලයුත්තේ සුළුතරයක් කැමති පාලකයෙකු බව නොදුරු අනාගතයේදී කාට කාටත් පැහැදිළිවේවි.
කප්පම් කටයුතු පිළිබඳ ඇමැති ප්‍රසන්න, මිනීමැරුම් කටයුතු පිළිබඳ ඇමැති චොකා මල්ලී...
Has he recruited advisors in conformity with enough qualifications ?
දක්ෂකම වෙන්නේ කප්පම් අරන් උසාවියෙන් වරදකරු වීමද? කොමිස් ඉල්ලන එකද? පේනවනේ ඇමැතිකම ළඟදි දුන්නු පිළිවෙළ...
ඔය 225 අතර ඉන්න කීප දෙනෙකුට පමණයි යමක් හරිහැටි කරන්න පුළුවන්.