(අංජුල මහික වීරරත්න)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා (08) වන විට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයන් සහ 43වන සේනාංකය සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවලදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමග පමණක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ජනතා අපේක්ෂා වෙනුවෙන් දේශපාලන මතවාද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුකරණයට සැමගේ උද්යෝගය පැසසීමට ලක් කළේය.