
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ මහතා පැවසීය.
සිරිල් ගාමිණී පියතුමා සහ රොහාන් සිල්වා පියතුමා ඇතුළු කතෝලික පූජක තුමන්ලා පිරිසක් විසින් සූම් තාක්ෂණය ඔස්සේ 2019 වර්ෂයේ දී සිදු සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉකුත් 23 වැනි දින ජාත්‍යන්තර වැඩසටහනක් පවත්වමින් විදේශ රටවල සිටින ජනතාව අමතා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක සුරේෂ් සලේ මහතා පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔහුගේ ජීවිතේට සහ පවුලේ සාමාජිකයන්ටගේ ජීවිතවලට හානි දායක වන ලෙස ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට ඉකුත් 25 වැනි දින සිදු කළ පැමිණිල්ලක් කළේය. එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කළ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ අංක එක ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිරිල් ගාමිණී පියතුමන් වෙත මෙම දැනුම් දීම සිදු කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අතට ගන්න යන කොයි පූජක පක්ෂයකටත් මෙය පාඩමක් වෙයි.
ඊ ගාවට කාදිනල් තුමාද ?
ආණ්ඩුව අසුචි වලට වැටිච්ච වෙලාවේ මෙවැනි දේ කිරීම වල උඩින් කොන්ක්‍රීට් ආවරණයක් දැමීම වැනිය.
පියතුමාගේ කතාවේ ඇත්තක් තියෙනවා.
හැමෝම එකතුවෙලා දැන් මේ ප්‍රහාරය මහ අවුල් ජාලයක් කරලා තියෙන්නේ...