( රොමේෂ් මධූෂංක)
යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ඊයේ (16) දින මියි ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.
සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය රෝහලගත කරන විට ඇය සයමස් ගැබිනියක්ව සිටි හෙයින් දරුව බේරා ගැනීමටද රෝහල් වෛද්‍යවරුන් විසින් දැඩි පරිශ්‍රමයක් දැරුවද දෙදෙනාගෙම ජීවිත බේරාගැනීමට නොහැකි වූ බවට රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.
මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට පවසා ඇත්තේ සිය බිරිඳ කාමරයක් තුල ඉටිපන්දමක් හෝ යමක් දැල්වීමට ගත් උත්සහයකදී ඇගේ සිරුරට ගිනි ඇවිලීමෙන් ඇය රෝහල්ගත කල බවටය.
කෙසේ වෙතත් අදාල මරණය සියදිවි හානිකරගැනීමක්ද, අත්වැරදීමකින් සිදුවූවක්ද නැතහොත් ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම සැමියාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකොට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.
මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය චාවකච්චේරි නීර්වේලි ප්‍රදේශයේ පදිංචි තමිලනී සතීස් නැමති 35 හැවිරිදි අවුරුදු 06 දියණියකගේ මවක්ද වන අතර ඇගේ සැමියා චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවක වරයෙක් වශයෙන් සේවය කරයි.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිරුරට ගිනි ඇවිලී ස.ප්‍රා.ලේ.මරුට
Nihal Monday, 17 February 2025 09:41 AM
නිවන් සුව ප්‍රාර්ථනා කරමි
Hemantha Tuesday, 18 February 2025 12:04 PM
පව් අපැහැදිලි මරණයක් පරීක්ෂණ යක් කරන්න
Ranaraja - I was So Saddened when this heard. We must have a Methodology to protect our Brainy Scholars. We give our great condolences to her Family. pr Thursday, 20 February 2025 02:57 AM
මේක ඇහුවම මට ගොඩක් දුක හිතුනා. අපගේ බුද්ධිමතුන් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයක් අපට තිබිය යුතුය. ඔවුන් අපගේ අනාගත නායකයින් වේ.