
(ඉන්දිකා රාමනායක)
පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව මහවැව ප්‍රදේශයේ පදිංචි සුසන්ත රංජන් රණසිංහ (36) නැමැති අවිවාහක තරුණයෙකි.
ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් පුතා ජපන් රටේ රැකියාවකට යවන බවට පවසා මුදලක් ලබගෙන වංචා කළ බව කියන සිද්ධියක් මුල්කරගෙන ඉහත තරුණයා ට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
ඝාතනය ලක් වු තරුණයා ට පුද්ගලයන් විදේශ ගත කරන බවට පවසමින් මුදල් ලබාගෙන වංචා කිරීමේ චෝදනා රැසක් ඇති බවත්, මාදම්පේ, කටාන, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථාන වලට තරණයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
ඝාතනයට ලක්වු තරුණයා හා සැකකරුවන් හිතවත් පුද්ගලයන් බවත්, ඉකුත් 11 දින සැකකරුවන්ට පිටකොටුව ප්‍රදේශයේ දී ඉහත තරුණයා හමුවී ඇති අතර, ඔවුන් සුක්ෂම ලෙස තරුණයා ඔවුන්ගේ මෝටර් රථයේ නංවාගෙන කටාන දාගොන්න අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පොල් ඉඩමක් වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
එහිදී පිරිස තරුණයාගෙන් මුදල් ඉල්ලා ඔහුට අතින් පයින් හා පොලුවලින් පහර දී ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පැමිණිලි ලැබුනා නම් ඒගැන ඒ දිනවලදීම විමර්ශනය කර එයට අදාල කටයුතු කලා නම් ඒ පුද්ගලයා ඔහොම මැරෙන්නෙ නෑ කියලා හිතෙනවා
මේ වගේ සල්ලි වලට පොලු තියන පොලු කාරයින්ට සුදුසුම දඬුවම තමයි දීලා තියෙන්නේ.සුට්කේස් එක අපරාදේ.ගහලා මරලා පාරේ දමලා යන්නයි තිබුනේ.පව් කියන්න බැහැ ,ලංකාව වටේම ඉන්න මේ වගේ පොලු කාරයින්ට මේ දඬුවම දෙන්න!!!
දිට්ඨ ධම්ම වේදනීය කර්මය
අහිංසක වින්දිතයා ආරක්ෂා කිරීමට නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන විට, මිනිසුන් නීතිය තම පාලනයට ගෙන පාඩුව පියවා ගැනීමට හැකි සෑම දෙයක්ම කරති.
හැමදාම අහිංසකයින් රවටමින් මුදල් වංචාකරන වංචාකාරයෝ රටේ බහුලයි. නමුත් නීතියෙන් මොවුන්ට දඬුවම් ලැබෙන්නේ කලාතුරකින්. වැරැදි පුද්ගලයින්ට වංචාකළොත් මැරුම් කන්න වෙන බව මොවුන් කල්පනා කරන්නේ නැහැ.
වංචනිකයින්ට මෙවැනි දඬුවම් ලංකාව පුරාවටම ක්‍රියාත්මක වුණා නම් අනාගතයේදී ගංගා, ඇඝදොළවල් අයිනේ සූට් කේස් පිරිලා තියේවි...!