
(ගයාන් සූරියආරච්චි)
පොල්පිතිගම කළුගල්ල ප්‍රදේශයේ ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරට අනුව ඒ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන් වරයෙකුට පොල්ලකින් පහර දුන් බව කියන කාන්තාවක සහ එකම පවුලේ තාත්තා සහ පුතා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35 , 62 සහ 44 වයස්වල පසුවන වඳුරැස්ස පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
පොල්පිතිගම පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරුන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී කළුගල්ල පාලමාසල පිහිටි ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි සැකකරුවකු දිවයාමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී එම පුද්ගලයා අල්ලා එම ඉඩම පරීක්ෂා කිරීමේදී ගංජා පැළ වගාකර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කලාකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැරයන්ට පහරදුන් පිය-පුතු ඇතුළු තුනක් අත්අඩංගුවට