(බී.ජී.චතුරංග)
උඩ මළුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුගේ බැංකු කාඩ් පත සොරා ගෙන රුපියල් 41000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගත් මානම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කදුරුවෙල, ගල්ලෑල්ල, කුසුම්ගම ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයෙකි.
පැමිණිලිකාර සැරයන්වරයා අනුරාධපුර නගරයේ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊට පිටුපසින් පෝලිමේ රැඳී සිට මෙම බැංකු කාඩ් පත සොරා ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්දෝ! සමහරවිට ආර්ථික පීඩනයේ තරම කියාපාන්නක් වගේම අද පොලිසියට බඳවා ගන්නා මිනිසුන්ගේ තරමත් පෙන්වීමට හොඳ උදාහරණයක්.