(අජිත්ලාල් ශාන්ත උදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇතැයි කියන ලංකාබේරිය ප්‍රදේශයේ ගෝණ දඩයමේ ගිය බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිට සහ එම පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපලවරයෙකු රුපියල් ලක්ෂ හතරක ශරීර ඇප මත මුදාහරින ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.ඩී.දසනායක මහතා අද (7) සවස නියෝග කළේය.
මෙසේ ඇපමත මුදාහැරුනේ පොලිස් පරීක්ෂක ලාල් පෙරේරා සහ කොස්තාපල් රවිදු එරංග යන දෙදෙනායි .
කොළඹ මධ්‍යම අපරාධ ඒකකය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය .
විජිත ජී පුංචිහේවා සහ ඩිලාන් ගමගේ යන නීතීජ්චවරු සැකකරුවන්ට ඇප ඉල්ලා සිටියහ .
එක් සැකකරුවෙකු ට රුපියල් ලක්ෂ දෙක බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂ හතරක ඇප නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd