IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘සූර්යා’ සන්නාම තානාපතිනී යශෝධා විමලධර්ම

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගිනි පෙට්ටි නිෂ්පාදකයා වන ‘සන් මැච් සමාගමේ’ ‘සූර්යා’ සන්නාම තානාපතිනිය ලෙස ප්‍රවීණ සහ සම්මානලාභී රංග ශිල්පිනී යශෝධා විමලධර්ම මෙනවිය ගිවිසුම්ගත වූවාය.

ලී නිමැයුමෙන් පැවැති ගිනිකූරු ඉටි ආලේපිත ගිනිකූරක් බවට පත්කරමින් ශ්‍රී ලාංකිකයන්ට වැඩි ආරක්ෂාවක් සැපයූ ‘සූර්යා’ ගිනිපෙට්ටි මේ වන විට සමස්ත ශ්‍රී ලාංකිකයන්ට නැතුවම බැරි නිෂ්පාදනයක් බවට පත්ව ඇති අතර ‘සන් මැච් සමාගම’ මේ වන විට ශරීරයට හිතරක සුවඳ වර්ග 14 කින් යුත් සුවඳ කුරූ හා විවිධ ප්රමාණයේ නොවැගිරෙන ඉටි පන්දම් නිෂ්පාදනය කර ජනතා ආකාර්ශනය දිනාගෙන තිබේ.

එම සමාගම ඉදිරියේදී සුවඳ කුරූවලට සමගාමී නිෂ්පාදන කීපයක් ද වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබේ.

යශෝධා විමලධර්ම මෙනවියට ‘සූර්යා’ සන්නාම තානාපති තනතුර නිල වශයෙන් ප්‍රදානයේ කිරීමේ උත්සවය ‘සන් මැච් සමාගමේ’ සභාපති සූරි රාජන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹදී පැවැත්විණි.

එහිදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ගෞරි රාජන් මහත්මිය පැවසුවේ යශෝධා විමලධර්ම සහ ‘සන් මැච් සමාගම’ අතර නව සංකලනයත් සමඟ තව දුරටත් විශ්වාසනීයත්වයෙන් පාරිභෝගික ජනතාව අතරට ළඟා වන බවයි.

යශෝධා විමලධර්ම මෙනවිය පැවසුවේ බුදුන්ට පහන් දැක්වීමේදී එසේත් නැත්නම් ක්‍රිස්තියානු ආගමේදී ඉදිපන්දම් දැක්වීමේදී ‘සූර්යා’ සන්නාම ගිනි දැල්වීමට එහා ගිය ආධ්යාත්මක සහනයක් ලබාදෙන බවත් වසර 37 ක රංගන ජීවිතයේදී රසිකයන්ට හොඳ දේවල් දුන් තමන් සූරියා නිෂ්පාදනවල ගුණත්වය පිළිබඳව අවදානය යොමුකර සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කිරීමට අදහස් කළ බවත්ය.    

 

 

 

 



අදහස් (4)

‘සූර්යා’ සන්නාම තානාපතිනී යශෝධා විමලධර්ම

කමනි Thursday, 23 March 2023 03:29 PM

Brand Ambassador කියන වචනයට 'සන්නාම තානාපති'. කවුරු හදපු නමක්ද මන්දා! තානාපතිලා ඉන්නේ රට රටවල්වලග

:       37       1

Senaka Thursday, 23 March 2023 10:35 PM

අතීතය මතක් වුනා. දූදරුවෝ කාලේ සිහිවුනා. ඇයගේ රංගන හැකියාව අති විශිෂ්ඨයි. බොලඳ ප්‍රේම නාට්‍ය වලට සහ වත්මන් රංගන ශිල්පිනියන්ට ඇයගෙන් උගත හැකි දේ බොහොමයි.

:       1       44

RathneFriday, 24 March 2023 03:57 PM

අනිවාර්යෙන්. සුන්දරම කාලයක් ඒ. දැන් ඇයගේ රංගන දායකත්වය දකින්න අඩුයි. අපි රූපවාහිනියෙන් ඈත් වෙලා නිසාද මන්දා.

:       1       12

Norma Friday, 24 March 2023 09:57 AM

පහුගිය අවුරුද්දේ අපි මේවා භාවිත කිරීමෙන් ඉවත් වුනා . හරිම සවුත්තුයි මේව.

:       27       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 332 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site