(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සුවඳකූරු’ සහ ලංකාදීප ඔන්ලයින් එක්ව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ තවත් පියවරක් කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී ඇසළ පෝය දිනය පුරා පැවැත්විණි.

එදින එම විහාරස්ථානයට පැමිණෙන සැදෑවතුන් වෙනුවෙන් පෙරවරුවේ ශීල සමාදානයේ සිට පස්වරු සිල් පවාරණය සහ බෝධිපූජාව දක්වා සියලු පිංකම් පැවැති අතර එම වැඩසටහන යටතේ විචිත්‍ර ධර්ම දේශකකයන් වහන්සේලාගේ ධර්ම දේශනා, කවිබණ, සම්බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡා ආදි පිංකම් රැසක් පැවැත්විණි.

‘සූර්යා සදහම් සැරිසර’ විශේෂ පූජෝපහාර වන ‘සුගන්ධ ධූප පූජාව’ සහිත පෙරහැර එදින පස්වරුවේ පැවැත්වීය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ශ්‍රී රතනපාල අනුනායක හිමියන්ගේ අනුශාසනා පරිදි ඇත්කඳ රජමහා විහාරයෙ විහාරාධිකාරී කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල ස්වාමීන්වහන්සේගේ අධීක්‍ෂණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

රටපුරා ප්‍රදර්ශනය වන ‘ගුත්තිල’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී සහ ‘සූරියා’ සන්නාම තානාපතිනී ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම යන මහත්ම මහත්මීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.

ලංකාදීප සමාජ මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සිටි එෆ්.එම්. සේවය එක්ව මෙම වැඩසටහන සජීව විකාශය කළේය.