(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සුවඳකූරු’ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ ඊළඟ පියවර කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී ඇසළ පෝය දිනය පුරා (3 වැනිදා) පැවැත්වේ.
එදින එම විහාරස්ථානයට පැමිණෙන සැදෑවතුන් වෙනුවෙන් පෙරවරුවේ ශීල සමාදානයේ සිට පස්වරු සිල් පවාරණය සහ බෝධිපූජාව දක්වා සියලු පිංකම් පැවැත්වෙන අතර එම වැඩසටහන යටතේ විචිත්‍ර ධර්ම දේශකකයන් වහන්සේලාගේ ධර්ම දේශනා, කවිබණ, සම්බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡා ආදි පිංකම් රැසක් පැවැත්වීමට නියමිතය.
‘සූර්යා සදහම් සැරිසර’ විශේෂ පූජෝපහාර වන ‘සුගන්ධ ධූප පූජාව’ සහිත පෙරහැර එදින පස්වරු 6.00 ට පැවැත්වේ.
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ශ්‍රී රතනපාල අනුනායක හිමියන්ගේ අනුශාසනා පරිදි ඇත්කඳ රජමහා විහාරයෙ විහාරාධිකාරී කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්වේ.
රටපුරා ප්‍රදර්ශනය වන ‘ගුත්තිල’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී සහ ‘සූරියා’ සන්නාම තානාපතිනී ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම යන මහත්ම මහත්මීහූ මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
ලංකාදීප පුවත්පත, ලංකාදීප සමාජ මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘සිටි එෆ්.එම්. සේවය එක්ව මෙම වැඩසටහන ජනතාව වෙත ගෙන සියලු කටයුතු සූදානම් කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘සූර්යා සදහම් සැරිසර’ ඇත්කඳ රජමහා විහාරයේදී