IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සූර්යා වෙතින් ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක්

පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන සන් මැච් සමාගම (Sun Match Company) ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක් හඳුන්වා දී තිබේ. 

සෑම වසරකදීම, අලුත් අවුරුදු චාරිත්‍රවල නිරත වන කවුරුත් පාහේ එම වසරේ අවුරුදු නැකැත් සහ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් අවුරුදු ලිත ප්‍රකාශයට පත්වනතුරු නො-ඉවසිල්ලෙන් බලා සිටිති. එහෙත් අවුරුදු ලිතක් සොයාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී එය නැවත නැවත පරිශීලනය කිරීම තරමක් දුෂ්කර කාර්යයක් වන නිසා, කාටත් ඉක්මනින් හා පහසුවෙන් සොයාගැනීමට සහ පරිශීලනය කිරීමට හැකි වන ආකාරයට ඩිජිටල් ලිතක් නිර්මාණය කිරීමට සූර්යා පියවර ගෙන තිබේ. 

අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සැමරීමකි. එම නිසාම සූර්යා නාමය අලුත් අවුරුද්ද සමග මැනැවින් ගැළපේ. වසර 40 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදනය කළ සූර්යා, තම මෙහෙවර තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් මෙම ඩිජිටල් ලිත නිර්මාණය කර ඇත. 

මෙම ලිත පරිශීලනය සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ ස්මාර්ට් දුරකථනයකින් සූර්යා ගිනිපෙට්ටියක් ස්කෑන් කිරීම පමණි. එමගින් Facebook සහ Instagram සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඩිජිටල් ලිත නැරඹිය හැකි AR filter වෙත පිවිසිය හැකි වේ. 

පැරණි අවුරුද්දට ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ලිපගිනි මෙළවීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම සහ රැකී රක්ෂා සඳහා පිටත් වීම වැනි ඉතා වැදගත් නැකත් 8ක් මෙම ඩිජිටල් ලිතට ඇතුළත් කර ඇත.   

“මෙරට ජනතාවට සෞභාග්‍යමත් නව වසරක් වේවා කියා අප ප්‍රර්ථනා කරනවා. ශ්‍රී ලාංකිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනූ සූර්යා, වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස් වන රුචිකත්වයන්ට ගැළපෙන නවෝත්පාදන රාශියක් හඳුන්වා දී තිබෙනවා. මේ ඩිජිටල් ලිත, අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු නො-අනුමානයි.” සන් මැච් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන අලෙවි නිලධාරී ගෞරි රාජන් මහත්මිය පැවසුවා ය. 

සූර්යා මේ වනවිට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙනුවෙන් ඉටි ආලේපිත ගිනිකූරු වැනි පුරෝගාමී නිෂ්පාදන රාශියක් හඳුන්වා දී ඇත. මෙහි නවතම පියවර වන ඩිජිටල් ලිත, කඩදාසි භාවිතය අවම කරමින් පරිසරය සුරැකීමට දායක වන අතරම, තිරසාර ජීවන රටාවක වැදගත්කම අවධාරණය කරන පියවරක්ද වේ. මේ වනවිට කඩදාසි භාවිතය තවදුරටත් අවම කරමින්, තම බෙදාහැරීම් ක්‍රියාවලිය පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීමටද සන් මැච් සමාගම පියවර ගෙන ඇත. 

ගිනිකූරු වලට අමතර සූර්යා විසින් සුවඳ කූරු සහ නොවැගිරෙන ඉටිපන්දම් වැනි විශේෂ නිෂ්පාදන රැසක්ද වෙළඳපොළට හඳුන්වා දී තිබේ. සූර්යා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන්, එහි සන්නාම තානාපතිනිය ලෙස ජනාදරයට පත් රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම පත්කිරීමටද සන් මැච් සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙය මෙරට පාරිභෝගිකයන් අතර සූර්යා සන්නාමය පිළිබඳව පවතින ඇල්ම, ආදරය සහ විශ්වාසය තවදුරටත් වර්ධනය කරවන පියවරක් වනු නිසැක ය. 

ලිත නැරඹිය හැකි AR Filter වෙත පිවිසිය හැකි ආකාරයන්:

Facebook: http://bit.ly/3nCTDHs

Instagram: bit.ly/3JXHS5K



අදහස් (0)

සූර්යා වෙතින් ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site