(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දිවුලපිටිය පාසලක පළමු වන ශේණියේ පන්තිවලට උගන්වන ගුරුවරියක සාරියක් වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට විරෝධය පළ කරමින් මවුපියන් පිරිසක් හූ හඬ නගා අසභ්‍ය වචනයෙන් බැන වැදුණැයි කියමින් එම ගුරුවරිය පැමිණිල්ලක් කළ බව දිවුලපිටිය පොලිසිය පවසයි.
මවුපියන් පිරිසක් මෙවැන්නක් කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවට එම ගුරුවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
හු හඬ තබමින් එම මව්පියන් උද්ඝෝෂණය කළ බව ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම ගුරුවරිය පසුගිය 21 වෙනිදා සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇතැයි කියති.
COMMENTS
සිසු දරු දැරිවියන්ගේ දෙමාපියනට මගේ ප්‍රණාමය.
සද්දෙ හැටියට නම් එතුමිය ඇඳුම් නැතිව ඇවිත් වගේ..?
NGO කුක්කගෙ පස්සෙන් යන වෘත්තියට නොගැළපෙන මෙවැනි අයට කළයතු හොඳම දේ මෙය යැයි මට සිතේ.
'ගුරු සදාචාරය' පලමු පන්ති පාඩමය! ගුරුවරයා හෝ ගුරුවරිය අඳින ඇඳුම තම උගත් පාසලේ මාන්නය ඉදිරියටත් ගෙනයන ආකර්ෂවත් ඇඳුමයි.. එසේම පාසල් එන ලමුන්ගේ ගෞරවය දිනාගන්නා සිත බැඳුමයි! ඔය සාරිය නැතිව ආ ගුරුතුමිය ලංකාවේ පාසල් ගිය කෙනෙක්දැයි සැකයක් ඇතිවුනි!
හු කියන්න ඇත්තේ බිකිනියක්වත් ඇඳගෙන ආපු නිසාද?
තමන්ගෙ වෘත්තියට නොගැලපෙන නොසන්ඩාල ඇඳුම් ඇදලා තමන්ගෙ දේශපාලන මාස්ටර්ලාව සනසන්න ගියාම ඔහොම වෙනවා.
ලබන සතියෙ ඒ්කත් ගලවලා එන්න.
ඒ ගමේ මිනිස්සුන්ට ළමයි ගැන කැක්කුමක් තියෙනවා. කොන්දක් ඇති දිවුලපිටිය ගම්වාසීන්ට අපගේ ගෞරව ප්‍රණාමය.
එක අතකට ඒ වගෙ නරින්ගෙ පැටවුන්ට උගන්වන්න සිධ්ද නොවෙන එකත් හොදයි. . දෙමව්පියො කියන්නෙ මෙච්චර පහත් මිනිස්සු නම් එයාලගෙ දරුවන් හොද පුරවැසියන් බවට පත් කරවන්න මෙ ගුරුතුමිය මොන තරම් මහන්සි වෙන්න ඇතිද? සාරිය නැතුව හෙලුවෙන් අවෙ නැහැ.. නමුත් ඒ දෙමව්පියන් නම් ජිවිතේ හෙලුවෙන් ඉන්න බව තමයි එයාල පෙන්නුවෙ. .
හූ නෙවේයි තියන්න තිබ්බෙ.. කුනු බිත්තර... ස්ටාලින්ගෙ ගෝලයො
මෙම පාසලේ දෙමාපියන් කකුල් හතරේ ජීවීන් වගෙයි. අධ්‍යාපනය ඉහළ මට්ටමක පවතින දියුණු රටවල සාරි අඳින්නේ නැත. ඔබලා ඔය ගුලෙන් ඉවත් වී සාධාරණව සිතන්න.
පාසලට එනවිට කැමති අයට සාරිය අඳින්න දෙන්න....... අකමැති අයට තමන් කැමති සංවර ඇඳුමක් අඳින්න නිදහස දෙන්න....... එයයි දියුණු සමාජයක ප්රජාතන්ත්රවාදය.....
හූ කියපු අය අර්ය සිංහල ඇඳුම් ඇඳගෙනද හූකියල තියෙන්නෙ?
රටේ ධනය හොරා කාපු, රට නනත්තාර කරපු උන් පාරේ යනකොට හූ කියන්නත්තේ බයට වෙන්නැති... නොදකින් ගෝත්‍රිකයෝ
සිවුරුකරෙදාගෙන ජාතික ඇදුම් අන්දගෙන රටට ජාතියට ආගම වනසන හැටි දැක්කහම අපිටත් ඇදුම් නැතුව පාරට බහින්න හිතෙනව ! ! !
කොතරම් සෙනගක් මැද්දේ වුණත් ගුරුතුමිය හඳුනා ගැනීමට ඇඳුම හේතුවක් වුණා. ඔවුන්ගේ ඔසරිය හෝ සාරි ඇඳුම් හරිම පියකරුයි... මෙහෙම ඉල්ලීම් ඇතිවෙන්න සාහිත්‍ය කන්නදැයි අහපු ප්‍රකාශ හේතුවක් වුණා කියන්න පුළුවන්. සාහිත්‍යයේ තියෙනවා රස නවයක්. සාහිත්‍ය නොදන්නා අය ඒවා දන්නේ කොහොමද? සාරියේ ලස්සන දකින්නට සාහිත්‍ය ඇසකින් බලන්න ඕනෑ...