
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ( Green Channel ) ඔස්සේ පිටකරගෙන යමින් තිබූ විදේශීය නිෂ්පාදිත සැරබීම බෝතල සහ දුම්වැටි තොගයක් සමග, ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වන අතර තීරුබදු නොගෙවා මේවා රැගෙනවිත් තිබේ .
මොවුන් අතරින් එක් ව්‍යාපාරිකයෙකු 30 හැවිරිදි වියේ පසුවන කොළඹ - 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙක් ව්‍යාපාරිකයා කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර තෙවැනි ව්‍යාපාරිකයා 52 වියේ පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඊයේ (09) රාත්‍රී 09.00 තෙක් ගුවන් තොටුපොළ තුළ රැදී සිට , ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා පැමිණ තිබුණි .
එහිදී ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන කටයුතු නිම කර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා ගමන් කරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔවුන් සිය ගමන් මලු තුළ ලීටරයේ සැරබීම බෝතල් 124 ක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 09 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැරබීම හරිත මාවතෙන් පන්නද්දී මාට්ටු