
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ( Green Channel ) ඔස්සේ පිටකරගෙන යමින් තිබූ විදේශීය නිෂ්පාදිත සැරබීම බෝතල සහ දුම්වැටි තොගයක් සමග, ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වන අතර තීරුබදු නොගෙවා මේවා රැගෙනවිත් තිබේ .
මොවුන් අතරින් එක් ව්‍යාපාරිකයෙකු 30 හැවිරිදි වියේ පසුවන කොළඹ - 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙක් ව්‍යාපාරිකයා කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර තෙවැනි ව්‍යාපාරිකයා 52 වියේ පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඊයේ (09) රාත්‍රී 09.00 තෙක් ගුවන් තොටුපොළ තුළ රැදී සිට , ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා පැමිණ තිබුණි .
එහිදී ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන කටයුතු නිම කර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා ගමන් කරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔවුන් සිය ගමන් මලු තුළ ලීටරයේ සැරබීම බෝතල් 124 ක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 09 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd