IMG-LOGO

සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුනගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 12ක වන්දියක් පෙත්සම්කාර ආයුර්වේද වෛද්‍යවරයාට ගෙවීමට වැටලීම කළ සුරාබදු නිලධාරීන් තිදෙනට අද (15) නියම කළේය.

ඖෂධාලයේ සේවකයන්ට රුපියල් ලක්ෂය බැගින් සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සුරාබදු නිලධාරීන්ටද ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු සේවකයන්ට රුපියල් 10,000/- බැගින් වන්දි ගෙවීමට රජයටද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසමට නියම කළේය.

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද ඖෂධාලයක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම මහතාගේ සහ ඔහුගේ බෙහෙත් ශාලාවේ සේවකයන් සිව්දෙනෙකුගේ මුලික අයිතිවාසිකම් කඩකළ බවට තීන්දු කරමින් මෙලෙස වන්දි ගෙවවීටට නියම කරන ලද්දේ සුරා බදු දෙපාර්තමේන්තුවේ බොරැල්ල මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, සුරා බදු පරීක්ෂක තිලක්කුමාර සහ සුරාබදු නියාමක එන්.එස්. රත්නායක නැමැත්තන්ටය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පත්මන් සුරසේන, ප්‍රියන්ත පුනාන්දු සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාග කෙරිණී.

 



අදහස් (3)

සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි

R.T.sarath Tuesday, 15 October 2024 05:47 PM

මේ රජයේ සේවකයන් පගාව ගන්න එක නවත්වන්න නම් සෞදි අරාබියේ, චීනේ සහ උතුරු කොරියාවේ මෙවැනි වැරැදිවලට දෙන දඬුවම් මෙහෙත් පනතක් මගින් නීතිගත කරලා, දඬුවම ක්‍රියාත්මක කරන්න වෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව, පාස්පෝර්ට්, රේගු, ආදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තු ගැන කතාකරලා වැඩක් නැහැ. කෙටියෙන් කියනවා නම් වැඩියෙන්ම අල්ලස් ගන්නේ අල්ලස කොමිසමේ මිනිස්සු...

:       2       57

රම්බොඩ Tuesday, 15 October 2024 07:10 PM

මේක නම් හොඳයි. නැත්නම් මේලෝ දෙයක් දන්නේ නැතිව ආයූර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන වටලයි. පිස්සන් වගේ. මත්ද්‍රව්‍ය එතැනදි ඖෂධයක්... බටහිර වෙදකමේත් එහෙමයි.

:       0       30

hemantha Wednesday, 16 October 2024 11:30 PM

හරිම හොදයි..ඔය කලින් පගාවට පුරුදු වුණ උන් ..අහිංසක මිනිසුන්ට රැකියාවක් කරන්න දෙන්නේ නෑ.. අධිකරණයට උත්තමාචාරය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site