IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුරාබදු ලොක්කෝ කාර්යාල කැබ් රථයෙන් ගංජා අදිද්දී මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් කේරළ ගංජා කිලෝ 45 ක් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු රියැදුරු සහ සහායකවරයකු ඇතුළු 8 දෙනෙක් අද (1) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සුරාබදු කාර්යාලයට අයත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලයකට අයත් පුද්ගලයන් 4 දෙ‍නෙකි. අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව උසස් නිලධාරියෙක් පැවැසීය.

මොවුන් කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරමේ යෙදී ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

සුරාබදු දෙපාර්තමෙන්තුවට අයත් කැබ් රථයකින් කේරළ ගංජා ජාවාරම්කරන බවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් හලාවත ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.



අදහස් (5)

සුරාබදු ලොක්කෝ කාර්යාල කැබ් රථයෙන් ගංජා අදිද්දී මාට්ටු

Nandalal DE SILVA - France Monday, 01 April 2024 08:25 PM

මෑන්ලගේ මාසෙ පඩිය වැඩි කරගන්න අමතර ආදායමක් හොයාගන්න කරපු වැඩක් නේ...!

:       0       0

සත්‍ය ගවේෂී. Monday, 01 April 2024 09:05 PM

බොහෝ සුරාබදු කාරයන් කවදත් පට්ටම පට්ට හොරු. ඒ වගේම නොම්මර එකේ පගා මරුවන්.ඒ වගේම නොම්මර එකේ බේබද්දන්. උගුඩුවන් පරාදයි. එහෙව් අය මෙහෙම නොවුණොත් තමයි පුදුමේ.

:       0       0

siril Monday, 01 April 2024 10:10 PM

කොළඹ මැක්ලම් රෝඩ් එකේ සී නෝර් සහ සතොස අතර තියෙන සුරාබදු කාර්යාලයත් ඔය වගේම හොර ගුහාවක්... අහිංසක මිනිසුන් අරගෙන ඇවිල්ලා තඩිබානවා රෑට. අල්ලාගෙන ආව බඩු පිටපාරෙන් ආයෙත් එළියට.. ඔවුන් හරියට ඉන්නේ රජවරු වගේ...!

:       0       0

KAHAWITA Monday, 01 April 2024 11:32 PM

කොහොමද ඔය සුරාබදු කාරයින් කරන්නේ බාර්වලින් මාසිකව ගාණ කපාගැනීම සහ නොයෙකුත් වංචාවලින් රජයට අයවිය යුතු බදු හොරාකෑම තමයි. බොහෝම කලාතුරකින් තමයි අවංක මනුස්සයෙක් ඉන්නේ...

:       0       0

Bamunuarachchi Thursday, 04 April 2024 05:36 AM

මොවුන්ව කකුල් දෙකෙන් එල්ලා අඩු ගින්දරේ තෙල් හිඳිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site