IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 551ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මත්පැන් නිෂ්පාදන ආයතන ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පන්සිය පනස් එකක බදු  මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මත්පැන් නිෂ්පාදන ආයතනවලින්  රුපියල් කෝටි 549 ක්ද රා නිෂ්පාදන ආයතනවලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ ස්කාගාරවලින් එක්කෝටි හැට පන් ලක්ෂයකට වැඩි මුදලක්ද ගෙවීම ( පසුගිය වසරේ අග භාගය වනවිට)පැහැර හැර ඇති බව  එම වාර්තාවේ දැක්වේ.

මේ අතර ආයතන හතරකට අදාලව රුපියල් කෝටි 38 ක බදු මුදලක් වසර පහකට වැඩි කාලයක් තිස්සේ ගෙවීම පැහැර හැර ඇතැයි  විගණන  නිලධාරීහු පවසති.

මින් ආයතන තුනකට අදාළව නඩු පැවරීමට අවශ්‍ය මූලික කරුණු කෙටුම්පත් කරන අවස්ථාවේදී හිඟ මුදල් ගෙවීමට එකඟතාවයක් ඇතිකර ගෙන තිබුණද එකඟතාවය කඩකර හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු ගෙවීම පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව  බීඩි,සිගරට් සුරුට්ටු සම්බන්ධයෙන් ලියාපදිංචි සහතික 774 නිකුත් කර තිබුණද පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ලියාපදිංචි අලුත් කරගෙන තිබූ ආයතන සංඛ්‍යාව 509 ක් පමණක් බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත. මේ අනුව  බලපත්‍රලාභීන් 265 දෙනකු ලියාපදිංචි අලුත් කර නොගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේද යන්න පසුගිය වසරේ අවසානය දක්වාම පසුවිපරමක් කර නොතිබූ බව විගණන  අංශ සඳහන් කළේය.

තවද  ආයතන තුනක් ලියාපදිංචි සහතික ලබා නොගෙන දුම්කොළ ආනයනය කර තිබූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව පැහැදිලි  වන්නේ යැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

එම ආයතන තුනෙන් රුපියල් කෝටියකට ආසන්න හිඟ බදු මුදලක් පැවතුණු  බවද විගණන  නිලධාරීහු  පෙන්වා දෙති.

මේ අතර දෙපාර්තමේන්තුවේ මෙහෙවරට සෘජුවම බලපාන ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 38ක සහ තෘතීය මට්ටමේ තනතුරු 77ක පුරප්පාඩු පැවතුණු  බව පවසන විගණන කාර්යාලය මෙය එම දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනයට  අහිතකර ලෙස බලපෑ හැකි බවද  සඳහන් කළේය.



අදහස් (0)

සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 551ක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site