
(යොහාන් භාසුර)
ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් හිඟ තබා ඇති රුපියල් කෝටි 700 කට ආසන්න බදු අයගැනීමට සුරාබදු දෙපර්තමේන්තුව කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ රාජගිරියේ පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට අද (20) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.
“ලොකු එවුන්නට බදු සහන පොඩි එවුන්ට බඩේ පහර, මහජන මුදල් කොල්ලකෑම කපුටු ආත්ම ලැබීමට හේතුවේ සහ සුරාබදු මගඩිය වහා නවතනු” ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන එහිදී විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd