(යොහාන් භාසුර)
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාල සංශෝධනයන් මේ මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර තල් අරක්කු හැර සෙසු අරක්කු සඳහා පැවැති රුපියල් ලක්‍ෂ 10 ක වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ දමා තිබේ.
රුපියල් 250,000 ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇති අතර රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට රුපියල් කෝටිය දක්වා ඉහළ නංවා තිබේ.
විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25 ක් දක්වා ඉහළ නංවා ඇති අතර රුපියල් ලක්‍ෂ 10 ක්ව පැවැති මත්පැන් සඳහා වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ඉහළ දැම්මට අයකර ගන්නේ නැහැනේ...!
ජනතාව තවතවත් සූරාකනවා. අන්තිමට ඔය බදු මේ අය ගෙවන්නෙත් නෑ තාම...
මැදපෙරදිග ඇතැම් රටාවක් හැරෙන්නට ලෝකේ සෑම රටක්ම සේවාවන් සපයන්නේ බදු අදායමින්. අපේ රටේ බොහෝදෙනා හිතාගෙන ඉන්නේ රජයේ සේවාවන් සියල්ල නොමිලේ ලබාදුන්නත් බදු යනු ධනපතියන් පමණක් ගෙවිය යුත්තක් බවයි. අනිත් පැත්තෙන් රජයේ සේවකයින්ට ඔවුන් චෝදනා කරනවා.. ඒ අය යැපෙන්නේ මේ අය ගෙවන බද්දෙන්ය කියා... ලැබෙන පළමු අවස්ථාවේදීම රජයට වංචාවක් කරන්න තමයි බහුතරයක් උත්සාහ කරන්නේ... හොරෙන් ලයිට් ගන්නවා..., හොරෙන් වතුර ගන්නවා. බස් එකේ කෝච්චියේ හොරෙන් යනවා. ඒ ටී එම් එක ළඟ රුපියල් 5000ක් වැටිලා තිබුණොත් කීයෙන් කීදෙනාද එක අයිතිකරුට දෙන්න උත්සාහ කරන්නේ... වැඩිදෙනෙක් විලාසිතාවක් වගේ ආණ්ඩුවට බැන බැන තමන්ගේ යුතුකම් ඉටු නොකර ඔහේ ඉබාගාතේ යනවා. තනි තනිව තම තමන් හැදෙන්නේ නැතිව රටක් හදන්න බැහැ.
ගෙවන්න තියෙන මුදල් අයකරගන්නේ නැත්තේ ආණ්ඩුව කඩා වැටෙයි කියන බයටද?
මත්වතුර මිල නැවතත් වැඩි වෙනව...අර හිග බදු වලට මොකද කරන්නේ ..අමතක කරනව ද..