
(යොහාන් භාසුර)
සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය පරිපාලන සේවය තුළ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු පත්කිරීමට විරෝධය පළ කරන බව සුරාබදු වෘත්තිය සමිති එකමුතුව පවසයි.
මෙම තනතුර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු සිටියදී සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසය ප්‍රථම වරට පරිබාහිර නිලධාරියකු පත් කිරීමට වර්තමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බවද එම වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළේය.
මෙම තනතුරට මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හෝ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කළ බවත් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු ප්‍රධාන තනතුරට පත් කිරීම සඳහා මීට පෙර ඇති කරගත් එකඟතාද කඩ කරමින් මෙම තනතුරට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු පත්කිරීම ගැටලුවක් බවත් එම එකමුතුව කීය.
නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුර සඳහා දෙපාර්තමේන්තු නිලධාරියකු පත්කරන ලෙස ඉල්ලා සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ජූලි මස 6 වන දින ලිපියකින් දැනුම් දී තිබේ.
දිගු කලක් තිස්සේ ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පලපුරුද්ද ඇති නිලධාරියකු පත් කිරීම තුළින් සුරාබදු ආදායම් ඉහළ නන්වා ගත හැකි බව ද එහි සඳහන් කර තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරියකු පත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් කළ විමසීමකදී එම සංගමය පැවසුවේ ඉදිරි දින කිහිපය තුළදී මෙහි පවතින අසාර්ථකත්වය පිළිබඳව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බවයි.
මේ ආකාරයෙන් සුදුසුකම් නොමැති පුද්ගලයින් ආයතන සඳහා පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ව්‍යුහය බිඳ වැටෙන බවද ඔවුන් පෙන්වා දෙති.
නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාකරණය ළමයි... ගණන් ගන්න එපා.
ලොකු අම්මගේ පුතාලු...
දිගු කලක් තිස්සේ, අවුරුදු පනහක් කියමුකෝ, අර ක්‍රමේට පලපුරුද්ද තියෙන අය ඉන්නකොට එලියෙන් දාන එක වැරැදියි තමයි...
අලුත් එක්කෙනාගෙන් සුපුරුදු යටිමඩි ගැහිල්ලට පහර වැඩියි නේද?
වේදිකාවලට නැග්ග ඇයෝට තනතුරු දෙන්නත් එපායෑ. වෙනසක මහිමය...
සාධාරණ විරෝධයක් .
පෙන්ෂන් ගිය අය ගෙදරට වෙලා ඉන්න ඕනේ. අයෙත් මොකටද තවත් ජොබ් එකක්, තවත් ප්‍රමෝෂන් දෙන්න ඉන්නවන්නේ? දෙපාර්තමේන්තුව ඇතුලෙම. ගෝඨාත් ඕක තමා කළේ අවුරුදු 2න් ගෙදර ගියේ . ෆෝසස් වල පෙන්ෂන් ගිය අයව ලොකු පොස්ට් දීලා. 26 මෙයා ඉවරයි
අවුරුදු 5 දුවාගන්නත් ෂුවර් නැති එකේ නෑයන්ට, අන්තේවාසිකයන්ට, ගජමිතුරන්ට තනතුරු දෙන්න ඕන කියලා හිතන්න ඇති පචෝරිසා.
සුපුරුදු හොරකම වංචාව කරගෙන යන්න බැරි වෙන බව දැන ගෙනයි ඔය කළබල කරන්නේ...! අපි ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් හැදුවේ ඔය වගේ තැන්වල මහ පරිමාණයෙන් කෙරෙන හොරකම වංචාව නවත්වන්න තමයි. ඒ නිසාම පත්වීම දුන්නේ ඇතුලතින් ද පිටතින් ද කියලා අදාලම නැහැ. වැඩේ හරියට කෙරෙනවා නම් ! ඒවා ප්‍රශ්ණයක් වෙන්නේ හොරුන් හා ඔවුන්ට කුලියට කඩේ යන සුනඛ අප්පුලාට විතරයි....