
(අංජුල මහික වීරරත්න)
ජපානයේ තයිසේ සමාගමෙන් හිටපු අමාත්‍යවරයකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට පත් කළ කමිටුවෙි වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද බාර දී තිබේ.
අදාළ කරුණ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරිණි.
පරීක්ෂණ කමිටුවේ සභාපතිනී විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් කමිටු වාර්තාව ජනාධිපති ලේකම් වෙත භාරදුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ තයිසේ සමාගමෙන් හිටපු අමාත්‍යවරයකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ අදාළ කරුණ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටීම සහ තනතුරෙන් අස්වී පරීක්ෂණයක් පැවැත්වීමට සහයෝගය ලබාදීම අගය කල යුතුවේ.
අපි දැක්කා එතුමා පහුගියදා පාර්ලිමේන්තුවේදී වර්තමානයේදී ප්‍රබල චරිතයක් බවට පත්වෙලා ඉන්න වජිර අබේවර්ධන එක්ක දීර්ඝ ලෙස බරපතල සාකච්ඡාවක ඉන්නවා.
සිරිපාල මහත්තයා ආයෙමත් ඇමති කෙනෙක් වෙන්නයි යන්නේ
මොන අපක්ෂපාති පරික්ෂණ තිබ්බත් වැඩක් වෙන එකක් නෑ. දේශපාලුවන්ට ඕවා අදාළ නැහැ. බොරුවට අන්දවනවා.
සිරිපාල මහත්තයාගේ කමිටු වාර්තාව ජනතාවට බලන්න තහනම්ද
ගින්නක් නැතිව දුමක් නගිනවද? මේ තරම් කඩිනමින් වාර්තාව ආවේ නිදොස් කොට නිදහස් කරලා ඇමැති ධුරයක් දෙන්න වගේ
අපි දන්නවා මේ වාර්තාවේ තීන්දුව මොකක්ද කියලා. සිරිපාල බබා, එයා මොනාවත් දන්නෑ. එයා නොදැනුවත්ව තමා මේවා වෙලා තියෙන්නේ.
ඔය වාර්තා පිරිනමන කොට කොස්ට් එක කීයක්ද?
නිදොස් කොට නිදහස්...
2005-2014 කාලයේ මහින්ද රාජපක්ෂගේ දූෂණ අක්‍රමිකතාවලට එරෙහි ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රනිල් යාලුවා හංගල තිබ්බා.
එයා සෞඛ්‍ය ඇමැති කාලේ කාර්යාල කාමරේ වෙච්චි සිද්ධියටත් මේ වගේ විමර්ෂණයක් කරමුද/
රට බංකොළොත් වෙලා තිබුණත් මේ මිනිස්සුන්ගේ හොරකම්, වංචාවන්වල අඩුවක් නෑ.
සිරිපාල කමිටු වාර්තාව නිසා පිටු කීයක් නාස්ති වෙනවද? පොත් බලන්න. ඒක තවත් ප්‍රකාශනයක් වගේ? මුදල් නාස්තිය අවම කිරීමට කටයුතු කරන්න