(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් යකඩ සිල්පර කොටයක් සොරාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන දුම්රිය සේවකයකු අත්අඩංගුවට යද්දී දුම්රියකට පැන දිවි නසාගෙන ඇතැයි ගම්පොල මූලස්ථාන පොලීසිය පවසයි.
මරණකරු ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි එම් .ජී .එස් .බණ්ඩාර කාංගර නැමැති අයෙකි.
ගම්පොල මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක උපාලි හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්කීරපනේ දුම්රිය හරස් මාර්ගය අසල දී යකඩ සිල්පර කොටයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරනවා දැක එම ත්‍රිරෝද රථය නතර කර ගෙන රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන පිටුපස අසුනේ වාඩිවී සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබිණි යැයි පොලිසිය කියයි.
මෙසේ පලාගිය පුද්ගලයා ගම්පොල දුම්රිය ස්ථානයේ සිට මාතලේ බලා මාතලේ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට ගෙල තබා දී සියදිවි නසාගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අයකු බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී යැයිද පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරිපර කොට උස්සා පොලිසියට අසුවෙද්දී දුම්රියට පැනලා
Bunny Preena Thursday, 21 September 2023 09:18 AM
ලැජ්ජාවටද දන්නේ නැහැ එහෙම කරගෙන ඇත්තේ