(මනෝප්‍රිය ගුණසේකර)
සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කොට ඔවුන්ගේ වෑන් රථයටම දමා ගිනි තැබීමේ චෝදනාවන්ගෙන් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන හසිත සම්පත් මොහන්දිරම් හෙවත් සර්පයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.
විත්තිකරුට එරෙහිව කිසිඳු සාක්කියක් පැමිනිල්ල විසින් ඔප්පු කොට නොමැති තත්වයක් තුළ විත්තිකරුට එරෙහි චෝදනා පැමිනිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීරණය කළ විනිසුරුවරයා මීට වසර 23කට පෙර ද්විත්ව ඝාතනයක් සිදුකිරීම ඇතුළු සියළු චෝදනවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය
1999 සැප්තැම්බර් මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කලවානේදී රංජිත් නන්දසේන සහ දීපාල් ගුණසිංහ නමැත්තන් ඝාතනය කිරීම වෑන් රථයකට ගිනි තබා අනර්ථය කිරීම ඇතුළු චෝදනා මත නීතිපතිවයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිනි
මුලින් හසිත සම්පත් මොහන්දිරම් හෙවත් සර්පයාට අමතරව සුජීව ප්‍රසාද් කොඩිතුවක්කු සහ ගීතාල් සුජීව නමැත්තන්ට එරෙහිවද නීතිපතිවයා විසින් චෝදනා නඟා තිබිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි සක්ෂි නොමැතිව නඩුවක් ගොනුකර වියදම් දැරීමේ ප්‍රතිවිපාක විඳින්නේ කවුද? රාජ්‍ය මුදල් යනු මහජන මුදල් නොවේද?
එතකොට රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය වෙන්නට ඇත්තේ සර්පයෙක් දෂ්ට කිරීමෙන් පසුව ගිණි ඇවිලෙමින් තිබූ වාහනයට ඇතුලට පැනීමෙන් වෙන්න ඇති. අනේ අනිච්චං....
මිය අය ජීව්ත හානි කරගෙන පසුව ගිනි තබාගෙන ඇති වග රටේ පවතින නීතියෙන් ඔප්පු වී ඇති වගක් පෙනේ
සර්පයින් බහුල රටේ තවත් එක "සර්පයෙක්" සමාජයට මුදා හැරියා කියා ඇතිවන මහා වෙනසක් නැහැ. කාපන් සර්පයෝ අහුවෙන හැම එකාවම!!! අන්න එතකොට තමයි හිඟන මිලේච්ජ ජාතියේ ප්‍රෞඩත්වය ලෝකෙටම ප්‍රදර්ශනය වෙන්නේ.. .අපි යක්කු බොලව්!!!
අවුරුදු ගණන් ඕවා අදින්නේ මේ තීරණය එනකන් තමයි. අවුුරුදු 23ක් මොවුන් පොල් ගෑවද?
දැන් ඉතින් සර්පයා පළාත් සභාව කියන හුඹහට රිංගයි...
ලංකාවේ සර්පයෝ බහුලය.
රටේ පාලකයොත් සර්පයෝ වෙච්චි. තවත් මොන කතාද?