(උපාලි ආනන්ද)
අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම සිරිනිවාස හිමියන් තමන්ට තෑගි කළ ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියා පදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපරු දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ලබන මාර්තු මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කළාය.
එදින හෝ එදිනට පෙර මෙම පෙත්සමට අදාළව වගඋත්තර අධිකරණයට ගොනු කරන ලෙසටද දිසා විනිසුරුවරිය වගඋත්තරකාර රාජ්‍ය නිලධාරීන්ට තවදුටරත් නියෝග කරනු ලැබුවාය.
අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 03/2 ඒ/260 ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය නීතිඥ අලෝක බංඩාර ප්‍රේමරත්න මහතා මගින් අනුරාධපුර දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අංක 234/ඒ 3 රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය ලිපිනයේ රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ අනුරාධපුර ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලිපිනයේ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයායි
පෙත්සම්කාර දුලාංජලී දිනේෂා කුමාරි හේරත් යන අය නීතිඥ අලෝක බංඩාර ප්‍රේමරත්න මහතා මගින් ස්වකීය පෙත්සමෙන් අධිකරණයට පවසා ඇත්තේ තමා ත්‍යාගලාභියා වෙමින්ද අටමස්ථානධිපතිව වැඩ විසූ පලලේගම සිරිනිවාස හිමියන් ත්‍යාග දීමනාකරු වෙමින්ද අනුරාධපුරයේ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු විසින් ලියා සහතික කරන ලද අංක 5493 සහ 2022- 10-13 දින දරණ තෑගි ඔප්පුව නිසි පරිදි සහතික කොට උතුරු මැද පළාත් සභාවට ගාස්තු ද ගෙවා ඔප්පුව ලියා පදිංචිය සඳහා රජයට ගෙවිය යුතු ගාස්තුද නිසි පරිදි ගෙවා ලියා පදිංචිය සදඟා දෙවන වගඋත්තරකරු (අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් ) වෙත ඉදිරිපත් කළ බවයි .
අපවත් වීමට දින පහකට පෙර මෙම ඉඩම තමන්ට පරිත්‍යාග කළ බව එම පෙත්සමේ සඳහන් වේ.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිරිනිවාස හිමිගේ ඉඩම ඉල්ලා කතක් උසාවි යයි
පිටිගල මිලානෝ Sunday, 15 January 2023 03:22 PM
සේපාල්ගෙන් බුද්ධාගම බේරාගනිමු.!
Bamunuarachchi Sunday, 15 January 2023 04:09 PM
හාන්දුරුවෝ තෑගී දෙන්නේ හාන්දුරුවන්ගේ පෞද්ගලික ඉඩමක් වෙන්න ඇති නේද?
චින්තක Sunday, 15 January 2023 08:50 PM
කලවාන ආසනයේ කෙනෙක් 2011 පමණ කාලයේ ඇඩප්සන් ඉල්ලීම සමග ඔප්පුවක් ඉදිරිපත් කර තිබුණා... එම ඔප්පුවට අයත් ඉඩම් හාමුදුරු නමක් විකුණා තිබුණු එකක් එහි කියනවා... මම දන්නේ නැහැ කවුරු හෝ සසුනට පිදූ දෙයක් පංසලේ හාමුදුරුවන්ට විකිණීම කරන්න පුළුවන්ද කියලා... එම ඔප්පුවේ ක්‍රමයට මෙයත් දුන්නද බලන්න. ඒ සමග ඉඩම් ලියාපදිංචි කිරීමේදී සාංඝික දේවල් විකිණීමට හැකිද බලනවා නම් ඉතාමත් හොඳයි...
fairoosMonday, 16 January 2023 03:11 PM
අදහස් ටිකට ඩිස්ලයික් කරලා තියෙන හරිය බැලුවොත් තේරෙනවා මොනවද වෙලා තියෙන්නේ කියලා...!
Prabha Sunday, 15 January 2023 04:13 PM
හෙට අනිද්දට දූ දරුවන් කියලා අයිතිය ඉල්ලන් එයිද දන්නේ නෑ.
podi mole Sunday, 15 January 2023 04:23 PM
උන්වහසේ දාන පාරමිතාව හොඳට පුරලා වගේ. අනේ සාදු.
Harin liyanage Saturday, 21 January 2023 07:59 PM
හාමුදුරුවෝ කියන්න බැහැ. තනිකරම සාසනයට අදාල නැති දේවල් පමණක් කළ අයෙකි.
Buddika Sunday, 15 January 2023 05:30 PM
අපි ගරු කරන්නේ වන්දනා කරන්නේ උතුම් වූ අටමස්ථානයයි. එය හැර අන් සියල්ලම භාරකරුවන් පමණකි. අපි නොදන්න එහෙත් අටමස්ථානය අවට ජනතාව පවසන දේ සත්‍යයක් විය හැකි බවට සාධකයක්.
lakvidu Monday, 16 January 2023 05:28 AM
දෙන තරමට ලැබිලද, නැත්නම් ලැබුන තරමට දීලද.?
podi mole Monday, 16 January 2023 05:58 AM
බඩුත් හාමදුරුවන්ගේ, නඩුත් හාමදුරුවන්ගේ.