(අමදෝරැ අමරජීව හා සුගත් බද්දේ ගෙදර )
සේරැනුවර පොලිස් වසමට අයත් ගල්වල හන්දියේ නිවසක් තුල පවුල් ආරවුලක් මත සිය බිරියගේ අනියම් පුරුෂයාට පිහියෙන් ඇන ඝාතනය කල නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සේරුනුවර පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ පොළොන්නරුව මුල් පදිංචිය ඇති සේරුනුවර ගල්වල හන්දියේ තාවකාලිකව දැනට පදිංචිව සිටින සංජීව කරැණාරත්න (42) නැමැති අයෙකි.
ඝාතනයවු පුද්ගලයා සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බිරිද නිත්‍යානුකූල පුරැෂයා පදිංචි සේරැනුවර කාවන්තිස්සපුර නිවසින් ඉවත්ව ඇගේ මව වෙසෙන ගල්වල හන්දියේ නිවසට මිට වසරකට පෙර අනියම් පුරැෂයා සමග පදිංචියට පැමිණ ඇතැයි පොලිසිය කියයි .
සැකකාර පුරැෂයා බිරියගේ අනියම් සම්බන්ධය නිසා දික්කසාද විමට නඩුවක් ගෙනුකර එය විභාග වෙමින් තිබියදි මෙම ඝාතනය සිදුවි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd